ක්‍රිඩා පුවත්

ගිය තැන ඉවරයි – මෙන්න ඊයේ බංගලි ජය සමරපු අපුරුව (Photo)

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතරතුර නිදහස් කුසලානයේ තරගය අවසන් වීමත් සමග බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ ජය සැමරුම පිලිබදව මේ වන විට දෙස් විදෙස් ජනමාධ්‍ය වල දැඩි අප්‍රසාදයට ලක්ව ඇත.

Loading...

ශ්‍රී ලංකාවට එරෙහිව ලද ජයග්‍රහණය බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් සමරද්දී විවේකාගාරයේ දොරටුව බිඳී තිබිණි. ආරක්ෂක නිලධාරීන්ට පවසන අන්දමට අනුව ක්‍රීඩකයන් අතින් ප්‍රවේශ දොරටුව බිඳී ගිය බව සදහන් කරයි.තරගය අවසන් වීමත් සමගම තිසර පෙරේරා සමග බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩක හසන් යම් බහින් බස් වීමක් දක්නට ලැබුණු අතර ඊට පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඊට යම් උරණ වීමක් දක්නට ලැබුනා.

කෙසේ වෙතත් පැමිණි දෙස් විදෙස් මාධ්‍ය වේදීන් බංගලාදේශ ක්‍රීඩකයන්ගේ මේ පහත් ක්‍රියා අනුමත නොකරන බවට වාර්තා කළේය.මෙම සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව තවමත් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැති නමුත් අද (සෙනසුරාදා) එය සිදු කිරීමට බලාපොරොත්තු වේ. බංග්ලාදේශය සහ ඉන්දියාව ඉරිදා නිදහස් කුසලාන අවසන් තරගයට මුහුණ දෙයි.

ජායාරූප පහතින් නරඹන්න

Loading...

 

 

Related Posts