පිටසක්වල ජීවින් ගැන හෙව්ව විද්‍යාඥ ස්ටෙපන් හොව්කින් මියයයි

518

සම්මානලාභී භෞතික විද්යාඥයෙකු හා බලසම්පන්න කතුවරයකු වන ස්ටේපන් හෝකින් මහතා මිය ගොස් ඇති බවට ලෝක පුවත් සේවා රැසක් වාර්තා කරනවා.මිය යන විට වයස අවුරුදු 76 විය.වයස අවුරුදු 22 දී මහාචාර්ය ස්ටේපන් හෝකින් මහතාට නියුරෝන රෝගයක් වැලදී ඇති බව හඳුනා ගනු ලැබුවා.

ලෝකයේ වැඩි දෙනෙක්ගේ කතා බහට ලක් වූ ස්ටේපන් හෝකින් මහතා විසින් රචිත “A Brief History of Time” සහ “විශ්වකෝෂයේ විශ්වය” නමැති කෘතින් එළිදැක්වූයේ 1962 දී ය.භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාඥ ස්ටෙපන් හොව්කින් මහතා වරක් පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර තිබේ.ඔහු පවසා ඇත්තේ, ඔහු විශ්වාස කරන පරිදි ඉදිරියේදී පෘතුවිය පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණයකට ලක් විය හැකි බව ය.ඔහු මේ බව පවසා තිබෙන්නේ, රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමිනි.කොළම්බස් අමෙරිකාවට ගොඩබැස්සා සේ පෘතුවිය දෙස බලා සිටින පිටසක්වල ජීවීන් ද පෘතුවිය ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගත හැකි ඔහු වැඩිදුරටත් පවසා තිබුනා.

වීඩියෝව පහතින් නරඹන්න