ගොසිප්

පරිස්සමෙන් …… පිටකොටුවේ ගණිකාවෝ පොලිසියත් එක්ක ඩීල් දාන්නෙ මෙහෙමයි

ඔවුන් රාත්‍රියට මෙන්ම දහවලට ද ඒ වෙනුවෙන් සූදානම්ය. එහෙත් දහවලට වඩා රාත්‍රියේදී ඔවුන්ගේ සේවාව කාර්යක්ෂමය. සූක්ෂ්මය.දහවලදී ඔවුන්ගේ වෘත්තිය රිසි සේ කරගෙන යාමට ඇති බාධාවන් එමටය. ජනාකීර්ණ බව මෙන්ම කලබලකාරී පරිසරය ද, මිනිසුන්ගේ අවධානය නිසා ඇති වන අවදානම ද ඊට අදාළය. ඒ සැමටම වඩා දහවලදී පොලිසියේ නෙත ගැටීමට ඇති ඉඩකඩයි. එහෙත් රාත්‍රිය එතරම් කුරිරු නැත. දහවල් මෙන් කලබලයක් නැත. ජනාකීර්ණ නැත. තමන්ගේ වෘත්තිය රිසි සේ කර ගැන්මටත් තමන්ගේ පහස අවැසි පාරිභෝගිකයන් සොයා යන්නටත් ඔවුන්ට සුවිසල් බාධාවන් නැත.

Loading...

පොලිසියෙන් හෝ සැගවෙන්නට ඇති ඉඩකඩ ප්‍රමාණවත්ය.එහෙයින් ඒ රාත්‍රිය සැබැවින්ම ඔවුන්ට ආශිර්වාදයකි.පිටකොටුවේ මේ සේවාව සපයන්නේ එක් කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් නොවේ. දිනෙන් දින සතියෙන් සතිය අලූත් මුහුණු ද එක් වෙමින් පිටකොටුවේ ගණිකා වෘත්තිය තුළ ජීවත් වන කාන්තාවන් ප්‍රමාණය ඉතා විශාලය. කෙනෙක් අලූත්ය.තවත් කෙනෙක් මුල් බැසගත් අය ය.

කෙසේ හෝ වෘත්තියේදී ඔවුන් සමානය.පිටකොටුවේ වීදියක නවතා ඇති නාට්ටාමි කරත්තයක හෝ පාළුවට ගිය කඩ කාමරයක හෝ අඳුරු මුල්ලක වුව තමන්ගේ සේවාව ක්ෂණයකින් ලබා දෙන්නට සූදානම් වන ඔවුන් සිය පාරිභෝගිකයන්ගේ අභිමතය හා ස්වභාවය මත ඊට අවනත වෙමින් සේවාව ලබා දීමට කැපවී සිටියි. එහෙත් ඔවුන්ගේ වෘත්තිය තරම් ඔවුන්ගේ ජීවිත රසවත් නැත. එය වෙනමම කතාවකි. පිටකොටුවේ ගණිකා ව්‍යාපාරය යනු තවත් ජාවාරම් රැසක කේන්ද්‍රයකි. එය කෙතරම් වුවද වර්තමානයේ ඊට නීතියෙන් සුවිසල් බාධාවක් නොමැති බව සුලබ කරුණකි.

විටෙක පස්ස පැත්තට පයින් ගසා එළවන පොලිසියේ රාලහාමිලා තවත් විටෙක අහක බලා සිටින්නේ ඔවුන්ගේ ජීවිකාවට සරණක් වන්නට දැයි අපි නොදනිමු. පොලිසිය ජනතාව වෙනුවෙන් එතරම් සංවේදී යැයි සිතිීම පවා විහිළුවකි. එහි සත්‍ය තොරතුරු අපට දැන ගන්නට ලැබුණේ ද කාලයක් තිස්සේ පිටකොටුවේ සිය වෘත්තිය සපයන කාන්තාවකගෙනි.මල්වත්ත පාරේ ටික දුරක් ගිය විට ඇති පළවෙනි පටුමගෙන් දකුණට හැරී මැලිබන් වීදියට ගමන් කරන මාර්ගයේදී අපට හමුවන විටත් ඇය සිටියේ පියවි සිහියෙන් නොවන වග අප දැන ගත්තේ පියවෙන දෙනෙතත්,පැටලෙන කතාබහත් සමගිනි. අප එතැන නැවතුණි. ඇය දෙස බැලීමම ඇගේ සේවාව ලබා ගැනීමට සංඥාවක් බව ඇය දනී. ඇය සිනාසෙයි. අප ඇයට කතා කළෙමු. ඊට පෙර රුපියල් 500ක් ඇයගේ අතෙහි මොලවන්නට අපි අමතක නොකළෙමු.

මල්ලි යනව නම් යමු. මෙතන චාටර් වෙන්න බෑ.
යන්න ඕනෙ නෑ.ටිකක් කතා කරමු.

Loading...

මොනවද මල්ලි කතා කරන්න තියෙන්නේ. ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්න තියෙන වෙලාවේ. මල්ලිලට සෙට් වෙන්නේ නැත්තන් යන්න. නිකන් පව් දෙන්නේ නැතිව.
හරි දැන් අපි ආවෙ නැත්නන් සල්ලි ගන්නෙ නැද්ද.සල්ලි දුන්නේ ටිකක් කතා කරන්න.ඒක තමයි අපිට ඕනේ.

හරි මොනවද කතා කරන්න තියෙන්නේ.ආතල්ද…?˜
නෑ.

ජීවිතේ ගැන.
අපේ ජීවිත ගැන කතා කරලා මොකටද ,මල්ලි. රෑට එනවා. උදේට යනවා. සල්ලි කීයක් හරි හොයා ගෙන ජීවත් වෙනවා එච්චරයි. තව මොනවද?

ගෙදර අය?
මට කවුරුත් නෑ. හිටියා. ඒත් මට ඕනම වෙලාවේ පවුලේ හැමෝම මට පිටුපෑවා. මම හැමෝම අමතක කරලා ඉන්නේ. මට කවුරුත් නෑ.

බිස්නස් එක අමාරු නැද්ද?
දවසකට මිනිස්සු 4ක් 5ක් එක්ක බුදිය ගන්න එක ලේසි දෙයක්ද මල්ලි.සැප ගන්න උන්ට ඕනේ සැප විතරයි.අපි මැරුණත් උන්ට සැප. එක එක
ජාතියෙ මිනිස්සු එනවා. එක එක ආශාවල් තියෙන උන්. ඒ හැම එකකටම සලකන්නත් ඕනේ.ඇගේ හයිය තියෙන කල් හොඳයි.

පොලිසියෙන් කේස් එකක් නැද්ද?
අපෝ.. මතක් කරන්න එපා. සමහර කාකිකාරයො නම් ටිකක් හරි හොඳයි.සමහර උන්ට අම්ම අප්පත් නෑ වගේ. උන් ජීවිතේට ගෑනියෙක් එක්ක බුදියලා නෑ වගේ කතාව. උන්ගෙන් පයින් පාරවල් කන්න ගියාම තමයි ජීවිතේ එපා වෙන්නේ. සමහර එවුන් එක්ක බුදියන්නත් වෙනවා. සමහර වේ…. පුතාලා අතේ තියෙන සල්ලිත් අරගෙන යනවා.

එතකොට කොහොමද බිස්නස් එක කරගෙන යන්නේ?
මල්ලි මේ බිස්නස් එක විතරක් කරලා ජීවත් වෙන්න බෑ. කොළ හැලෙන දවස් තියෙනවා. නැති දවස් තියෙනවා. ඔය අස්සේ කේ.ජී. කෑල්ලක්, පැකට් එකක් විකුණ ගත්තොත් පොඩි සුදියක් ගහ ගන්න පුළුවන්.ඒක හින්දා ඉතින් කාකිකාරයෝ එක්ක වුණත් ඩීල් එකක් දා ගන්න බැරිකමක් නෑ.

බළලා මල්ලෙන් එළියට පැන්නේ එවිටය.අපි ඒ ගැන තව දුරටත් ඇයගෙන් විමසීමු.ඇය පැවසුවේ මෙවන් කතාවකි. සංවාදය පසෙක තබා මෙතැන් සිට ඇය අපට පැවසූ කතාව මේ අයුරින් පළ කර සිටිමු.

මල්ලී ඔය කාකිකාරයො කියන්නේ සල්ලි පෙරේතයො. කොච්චර දුන්නත් මදි. සල්ලි පෙන්නුවොත් ඕන දෙයක් කර ගන්න පුළුවන්.හැබැයි ඉතින් උනුත් චෙක් වෙන්න, චාටර් වෙන්න කැමති නෑ. ඒක හින්දා අපි උන් එක්ක වැඩි කතාවක් නෑ. අපේ උන් ගොඩක් දැන් ඩීල් එකේ තමයි ඉන්නේ. හැබැයි ඉතින් ඔය ඩීල් දවල්ට දාන්නේ නෑ. දැන මගුලක් රෑට තමයි.අපේ වැඩේ වෙනව නම් පොඩි ගාණක් දුන්නට මොකද වෙන්නේ මල්ලී.

දවල්ට අපිව හොයාගෙන එන්නේ හිගන්නන්ටත් අන්ත උන්.රුපියල් 200ට 300ට සැපක් අරන් යන්න තමයි උන් එන්නේ. රුපියල් 1000යි අතේ තියෙන්නේ.රූම් එකට දුන්නම ඔක්කොම ඉවරයි. හැබැයි රෑට එන උන් ගාව ටිකක් සල්ලි තියෙනවා.ඔය නිවාඩු ගිහින් එන අය තමයි ගොඩක් රෑට සෙට් වෙන්නේ. උන් ගාව සල්ලි තියෙනවා.උන්ට පොඩි බැල්මක් දාලා සෙට් වුණොත් ගොඩ. එහෙමත් එකෙක් තමයි සෙට් වෙන්නේ.ඉන්ඩම බැරි එකෙක්.කොහොමත් ඉතින් රෑට දෙන්නෙක් තුන් දෙනෙක් සෙට් වෙනවා.එහෙම සෙට් වුණාම ඉතින් යන්න තැනක් උන් දන්නේ නෑනේ.

මරදානේ හරි,මාලිගාවත්තේ හරි අපේ පොට් එකකට තමයි එක්කන් යන්නේ. මොකද එහෙම එක්කන් ගියාම අපේ පොට් එකෙනුත් අපිට සම්තින් එකක් පෙනවා. අනික අපිට කරදරයක් වෙන්නෙත් නෑනෙ ලොකුවට. උන්ගේ වැඩෙත් වෙනවා. අපේ වැඩෙත් වෙනවා.කොටුවෙ ඉඳලා මාලිගාවත්තට හරි මරදානට හරි යනව නම් ටෙක්නිකල් හන්දියෙන්නේ යන්න වෙන්නේ. වෙන ෂෝට් කට් තිබ්බත් අපි යන්නේ එතනින් තමයි.මොකද එතන ඉන්නවා පොලිසියෙන්. අපි දන්න රාලහාමිලා දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි තමයි ඔතන ඉන්නේ. නොදන්න අය හිටියොත් ඉතින් සුද්දෙ තමයි.

මොන ත්‍රීවීල් එකේ ගියත් අපේ එකියක් ඕකෙ එන බව පොලිසිය දන්නවා. ඒක දැන ගන්න කකුලක් හරි, කුඩේ හරි එළියට දාගෙන තමයි අපි එන්නේ. ත්‍රීවිල් එක නතර කරපුවාම ඉතින් ඇතුළේ ඉන්න මෑන් ගල් වෙනවා.දන්නවනේ සීන් එක. දඩයක් කන්නම වෙනවා.හැබැයි ඉතින් අපි කරන්නේ මිනිහා පොලිසිය ළගට යවන්නේ නෑ.අපි තමයි පොලිසිය ගාවට යන්නේ. ඇතුළේ ඉන්න කෙනාට කියනවා මම බලාගන්නම් ඔයා ෂේප් එකේ ඉන්න කියලා.මෑන් ඉතින් ඒකට හොඳට අඳිනවා. මම හරි අපේ වෙන එකියක් හරි එතන ඉන්න කෙනා ගිහින් පොලිසියත් එක්ක කතා කරනවා. ඒ කතා කරන්නේ ඩීල් එක. ඉන්න එකා හොඳ දතක්ද නැද්ද කියලා පොලිසියට කියනවා. ඊට පස්සේ මාවත් තල්ලූ කරන් පොලිසියේ දෙන්නෙක් එතනට එනවා. ඒ ආපුවාම ඉතින් අර මෑන් තවත් බය වෙනවනේ. ඒ පාර ඉතින් මම හොරෙන් වගේ කියනවා රුපියල් 1000ක් හරි 2000ක් හරි දෙන්න කියලා පොලිසියට.මෑන් ඉතින් බයට දෙනවා. ගනුදෙනුව ඉවරයි.අපි අපේ වැඩේට යනවා. අපේ අතින් මිටින් යන්නෙ නෑනේ.

ඕක තමයි ඉතින් පොලිසියත් එක්ක තියෙන ඩීල් එක. හොඳ දතක් සෙට් වෙලා වැඩි ගාණක් කඩා ගත්තොත් ඉතින් පොලිසියටත් ෂේප්නේ. සයිඩ් බිස්නස් එකක් වුණත් දැන් අපි කර ගන්නේ ඕකෙ පවර් එකෙන් තමයි මල්ලි.හැබැයි ඉතින් දැන් ඉන්න කාකිකාරයෝ ඉන්නකල් විතරයි වැඩේ. වෙන එවුන් ටිකක් ආවොත් ආපහු මස්තෙ තමයි. මුල ඉඳන් වැඩේ හදන්න එපැයි.කොහොමත් ඉතින් පොලිසියේ ඔක්කොම එක්ක මේ ඩීල් එක ගහන්න බෑ. එහෙමත් උන් ටික දෙනෙක් එක්ක තමයි මේ ගේමත් ගෙනියන්නේ. ඕ. අයි. සී. කාරයට ලීක් වුණොත් ඒකත් ගහල යයි.මේව ගැන කියවන්න ගියොත් මල්ලි එළිවෙනකල් හරි කියන්න දේවල් තියෙනවා.ඕවගෙන් කාටවත් වැඩක් නෑනේ. අපි ජීවත් වෙන විදිහ අපි විතරයි දන්නේ. උඩින් පවුඩර් ටිකක් ගාගෙන හිටියට අපේ ජීවිත ඒ තරම් ලස්සන නෑ මල්ලි. මේක අපායක්. ඔය අපායේ කොහොම හරි දුක් විඳිනව මිසක් ජීවිතේ ගැන වෙන මොනවද මල්ලි.

ඇය අප සමග පැවසූ තවත් බොහෝ දේ වෙතත් ඒ සියලූ දේ මෙහි ලියන්නට නොහැකිය. ඒවා ඒ තරමටම පිළිකුල්ය. ඒ තරමටම සැහැසිය.පිටකොටුවේ ගණිකාවන් සහ පොලිසිය අතර ඇති මේ ගනුදෙනුව මේ වනවිටත් බොහෝ දෙනෙකුට රහසක් නොවන බව අපි දනිමු. එහෙත් එය රටට රහසකි.සැබෑව හෙළි කිරීම මාධ්‍යයේ අරමුණ වන නිසාම පිටකොටුවේ පොලිසියත්, ගණිකා ජාවාරමත් අතර ඇති අත යට ගනුදෙනුව පිළිබඳ මෙසේ නිරාකරණය කරන්නේ හෙට දවසේ රාත්‍රිය තවත් මිනිසකුගේ මුදල් පසුමිබිය හිස් කරන රාත්‍රියක් බවට පත්වන බවට අනතුරු අ`ගවමිනි.ඔබ පහස සොයා යන්නේ මූලික අවශ්‍යතාවක් නිසා බව අපි දනිමු. එහි වරදක් ඇතිද නැතිද යන්න ගැන අප පවසන්නට යන්නේ නැත.එහෙත් ඔබ සොයා යන පහස ඔබ තවත් වළකට ඇද දමන්නක් බවට පත් වන්නේ මෙවන් ගනුදෙනු තුළිනි.එහෙයින් ඔබේ පරිස්සම ඔබේ මුදල් පසුම්බියේ පරිස්සමට ද හේතු වනු ඇතැයි අපි යළි යළිත් මතක් කර සිටිමු.

Related Posts