පොලිස් වත්තෙත් කුඩු විකුණනවා – නීතිය සහ සාමය වන වෙලා ඉවරයි

582

රටේ මීළඟ අගමැතිවරයා වීමට සුදුසුම පුද්ගලයා තමන් බව ජෝන් අමරතුංග අමාත්‍යවරයා පවසනවා. අද (13) පැවති වත්තල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අවසානයේදී මාධ්‍යවේදීන් අමතමින් ජෝන් අමරතුංග අමාත්‍යවරයා මේ බව කියා තිබුණා.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් තමන් දෙවෙනි වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පමණක් බව පෙන්වාදෙමින්  මීළඟ අග්‍රාමාත්‍ය පදවිය සඳහා තමන් සුදුසු බව ප්‍රකාශ කල ඔහු අද වන විට රජයේ පරිපාලනයද අඩපන වි ඇති බවද ප්‍රකාශ කලා.

මේ වන විට කුඩු ව්‍යාපාරය ලවක් දෙවක් නැතිව හැමතැනම කරගෙන යද්දී පොලීසිය නිශ්ශබ්දව සිටින බව පෙන්වාදෙන ඔහු ‘‘පොලීසිය වත්තෙත් කුඩු විකුණනවලු‘‘ යනුවෙන්ද ප්‍රකාශ කලා.

එසේම නීතිය හා සාමය අමාත්‍යංශය පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එම අමාත්‍යංශය මේ වන විට විනාශ වී ඇතිබවයි.

වීඩියෝව පහතින් නරඹන්න