ශ්‍රී ලංකාවේ ෆේස්බුක් තහනම ගැන ෆේස්බුක් සමාගම ප්‍රතිචාර දක්වයි – Video

1468

CNBC පුවත් පුවත් ආයතනයට ඊමේල් පණිවුඩයක් මගින් ශ්‍රී ලංකාව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කරන ෆේස්බුක් ආයතනය මෙසේ පවසා තිබේ.

“වෛරීසහගත ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට අනුබල දීම පිළිබඳව අප ආයතනයේ ඉතාමත් පැහැදිලි නීතිරීති තිබෙන අතර එවැනි දේ අපගේ පද්ධතියෙන් බැහැර කිරීමට අප වෙහෙස වී කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ සිදුවීම පිළිබඳව අප ප්‍රතිචාර දක්වා තිබෙනවා. අපි ශ්‍රී ලංකා රජයේ සහ රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව වැඩ කරනවා මෙවැනි වෛරී ප්‍රකාශ අපගේ වෙබ් අඩවියෙන් ඉවත් කරන්න”

එම පුවත්පත් වාර්තාව පහතින් නරඹන්න 

මෙම ෆේස්බුක් තහනම පිළිබඳව ජනතාව දැක්වූ අදහස් වීඩියෝව පහතින් නරඹන්න

වෘත්තිකයෙක්
“මම අයිටී එකේ වැඩ කරන්නේ ඩිජිටල් මාර්කට්න් කම්පැනි එකක ෆේස්බුක් තහනම් කලා කියලා කියන්නේ ගොඩක්ම අමාරුයි අපි වගේ කම්පැනි එකකට ස්වයිවෙන්න මොකද ෆේස්බුක් හරහා තමයි ගොඩක්ම අපේ කම්පැනි එකේ බිස්නස් රන් වෙන්නේ. වට්ස්අප් කෝල් එහෙම අපට ගන්න විදිහක් නෑ මොකද අපේ කොම්පැනි එකේ ගොඩක්ම යන්නේ පිටරට ක්ලයන්ලත් එක්ක තමයි සම්බන්ධකම් පවත්වන්නේ ඒ වගේ කොල්ස් ගන්න බෑ කියන්නේ අපට ගොඩක් අමාරුයි”

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් සුභාෂන සුබවික්‍රම මහතා
“ජනතාවගේ එදිනෙදා ජිවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා තියන අවස්ථාවකත් ඇයි මේ වගේ සංනිවේදනය කප්පාදු කරලා තියන එකට අපි දැඩි විරුද්ධත්වය ප්‍රකාශකරනවා මොකද මේකෙන් වැඩි අසාධාරණයට ලක්වෙන්නේ විදෙස්ගත ශ්‍රමිකයා ඔවුන් ඉන්නේ සැතපුම් ගණන් දුර විනාඩියක් කතා කරන්න රුපියල් 100 යි 150 යි අපට වියදම් වුණේ අද පවුල් අතර සම්බන්ධතාවය ගොඩක් ලංවෙලා තියනවා මේ සන්නිවේදන ක්‍රමය නිසා ඉතිං මේ රජය ඒ අවස්ථාව නැති කරලා තියනවා රජයට අවශ්‍යතාවයක් තිබුණා අපට දැනෙන හැටියට මේ සන්නිවේදන ක්‍රමය පාලනය කරන්න අර අඬන්න ඉන්න කෙනාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ”

විදේශ සංචාරකයින් ද සමාජ මාධ්‍ය තහනම පිළිබඳ සිය අදහස් පළ කළේය.
“හුඟක් අමාරුයි සමාජ මාධ්‍ය නැතුව මගේ පවුලේ අයත් එක්ක සම්බන්ධවෙන්න”“මම හිතන්නේ ඒක වැදගත් එකිනෙකා සමග කතාබහ කරන්න”

සමාජ මාධ්‍ය තහනම පිළිබඳ අදහස් පළ කළ හෝටල් ව්‍යාපාරිකයින්
“විශේෂයෙන්ම දකුණු පළාතේ ගත්තොත් සංචාරක කලාපයක් මේ සංචාරක කර්මාන්තය විශාලම හානියක් සිද්ධ වුණා. හොටෙල්වල බුකින් පවා කැන්සල් වෙලා තිබුණා”

මේ අතර ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙත පිවිසීමට ඇති අවහිරතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.