ශ්‍රී ලංකාවෙන් බුකියට තිබ්බ ලෝක වාර්තාව මෙන්න

1870

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල අවහිර කිරීම්ත් සමග දිනකදී විදේශ රටක අන්තර්ජාල ලිපිනයන් (IP) භාවිතා කරමින් සමාජ ජාල වලට පිරිසක් ඇතුළුවීමට උත්සාහ කළ රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇති ජනප්‍රිය ප්‍රවණතා (google trends) වාර්තාවේ දැක්වේ.

ඊට අමතරව ගූගල් හරහා වැඩිම පිරිසක් VPN (Virtual Privet Network)ඇප් ප්‍රමාණයක් එක් දිනකදී බාගත (Download) කරගෙන ඇත්තේද ලංකාව බවට පත් ව ඇත.මේ දක්වා මෙසේ VPN (Virtual Privet Network)ඇප් ප්‍රමාණයක් ලබා ගෙන ඇති පිරිස ලක්ෂ 16කට ආසන්න බව වාර්තා වල වැඩිදුරටත් සදහන් වේ

ගෙවුන දින හතක කාලයක් තුළදී google හි ජනප්‍රිය ප්‍රවණතා (google trends) හරහා සිදුකළ ගණනය කිරීමේදී මෙම තොරතුරු හෙළි වී තිබේ.

මහනුවර දිගන,තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ උණුසුම් තත්වයක් සමගම පසුගිය 6 වෙනිදා රාත්‍රියේ සිට ෆේස්බුක් , වට්ස් අප් , වයිබර් ඇතුළු සමාජ ජාල වලට පිවිසීම සිමා කිරීමට රජය කටයුතු කළා.

VPN (Virtual Privet Network) භාවිතා කරමින් සමාජ ජාලවලට ගෙවුණු දින කීපයේ වැඩිම පිරිසක් ඇතුළු වී ඇත්තේ මධ්‍යම පළාතේ සහ වයඹ පළාතේ අය බවට දත්ත වාර්තා සදහන් කරයි. ඊට අමතරව දකුණ හා සබරගමුව පළාත්වල පිරිස් එම උපාංගය ඔස්සේ සමාජ ජාල වල පිවිස ඇති අතර බස්නාහිර පළාතේ පිරිස තුන් වෙනි ස්ථානයට පත්ව ඇත.