බුකියෙ අපේ අයට සුබ ආරංචියක්

2137

ආරක්ෂක පියවරක් ලෙස සමාජ ජාලා සඳහා පනවා තිබු තහනම හෙට (10) සිට ඉවත් කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය.

ඒ අනුව මුහුණ පොත,වයිබර්,වට්ස්ඇප්,සහ සමාජ ජාලා වෙබ් අඩවි හෙට සිට නැවත ක්‍රියාත්මක කිරිමට නියමිතය.

පැය 72ක කාලයක් සඳහා පමණක් අත්හිටුවා තිබු මෙම තහනම හෙට දිනයෙන් අවසන් කෙරෙන බව හෙතෙම කීවේය.

තාවකාලිකව අවහිර කොට තිබූ වට්ස්ඇප් සහ මැසෙන්ජර් සමාජ ජාල සම්බන්ධතා පණිවිඩ ‍හුවමාරු සඳහා පමණක් යළි සක්‍රීය කොට ඇති බව වාර්තා වේ.

ව්‍යාපාරිකසහ වෙනකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් මෙම ජාල පණිවිඩ හුවමාරු සඳහා පමණක් අවසර දී ඇති අතර ඡායාරූප සහ වීඩියෝ යැවීම සඳහා තවම එම අවස්ථාව හිමිවනැත.

මෙම අවස්ථාව විධිමත් ලෙස පරිහරණය කරන මෙන් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වට්ස්ඇප් සහ මැසෙන්ජර් ග්‍රාහකයන්ගෙන් ඉල්ලා සිටියි.