හින්දි සිනමාවේ සන්ජේ දත්ට ආස හිතුන 62 හැවිරිදි කාන්තාවක් කරපු දේ

979

මුම්බායිහි ධනවත් කාන්තාවක්‌වූ නිෂි හරිස්‌චන්ද්‍ර ත්‍රිපති විසින් සිය අන්තිම කැමැති පත්‍රයෙන් සුපිරි නළු සන්ඡේ දත් වෙත පරිත්‍යාග කර තිබූ දේපළ ඔහු ප්‍රතික්‍ෂේප කර ඇත.

මෙම කාන්තාව සන්ඡේ දත්ගේ රසිකාවක්‌ වන 62 හැවිරිදි වියේ පසුවන ත්‍රිපති පසුගියදා මිය ගියාය. ඉන්දීය බැංකුව විසින් ත්‍රිපතිගේ මුදල් සහ වෙනත් වටිනා දේ සන්ඡේ දත්ට පරිත්‍යාග කර ඇති බව දැක්‌වූ විට ඔහු විස්‌මයට පත්විය.

මම මේ රසිකාවිය ගැන කිසිදිනක දන්නේ නැහැ. ඇගේ මුදල් මට අයිති නැහැ යෑයි සන්ඡේ දත් කියා සිටියය. මියගිය ත්‍රිපතිගේ 80 හැවිරිදි මව ජීවත්ව සිටින අතර තවත් ඥතීන් තිදෙනකු සිටින බව හෙළිවී ඇත.

මුම්බායි සුපිරි මහල් නිවසක ත්‍රිපති ජීවත්වූවාය. ත්‍රිපතිගේ දේපළ තමාට අයත් නැති බවත් එම දේපළ හිමිකරුවන්ට යායුතු බවත් සන්ඡේ දත් පැවැසුවේය. මෙම සිනමා රසිකාවියන් සතු බැංකු සේප්පුවක්‌ද ඇතැයි බැංකු බලධාරීන් සන්ඡේදත් දැනුම්දී එය විවෘත කරන ලෙස කළ ඉල්ලීමද ප්‍රතික්‍ෂේප විය. සන්ඡේ දත්ගේ නීතිවේදී යුවාස්‌ වද්හාමි පැවසුවේ ත්‍රිපති විසින් තමාට පැවරූ සියලු දේපළ ඇගේ ඥතියාට යායුතු බවට උපදෙස්‌ දුන් බවයි.

මෙම දේපළ වල වටිනාකම කොතෙක්‌දැයි මෙතෙක්‌ හෙළිවී නැත. මුම්බායි ආරංචි මාර්ගය පැවසුවේ ත්‍රිපති පදිංචිව සිටි මහල් නිවසේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 10 ක්‌ වේ.