අලුත් නීතිය සහ සාමය ඇමති මීට සුළු මොහොතකට කලින් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

949

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ පැවැති නීතිය සාමය පිළිබඳ අමාත්‍ය පදවිය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට පිරිනැමීමට තීරණය වී ඇත.

ඒ අනුව ආර්. එම්. රංජිත් මද්දුමබණ්ඩාර මහතා මින් මොහොතකට පෙර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

ඔහුට මෙම අමාත්‍ය පදවිය හිමිවී ඇත්තේ ඔහු මෙතෙක් දැරූ රාජ්‍ය පරිපාලන හ කළමනාකරණ අමාත්‍ය පදවියට අමතරවය.

නීතිය සාමය පිළිබඳ අමාත්‍ය පදවිය සදහා කලින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම යෝජනා වී තිබු අතර එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධය එල්ල විය.

මිට අමතරව ඊයේ දින ඇමති රංගේ බණ්ඩාර මහතාද ඇති වී තිබෙන රටේ හදිසි තත්වය පාලනය කිරීමට තමාට මෙම මන්ත්‍රීධුරය ලබා දෙන ලෙස ඉල්ලීමක්ද කර තිබුනා.

මෙම අමාත්‍ය ධුරය යහපාලන රජයේ එක්සත් ජාතික පක්ෂයට හිමි අමාත්‍ය ධුරයකි.