දේශීය පුවත්

රජයෙන් විශේෂ නිවේදනයක් – Breaking News

වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය පනවා ඇති හෙයින් සාමකාමීව නිවෙස් තුළ රැඳී සිටින්නයි රජය විශේෂ නිවේදනයකින් පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Loading...

මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව කඩිනම් පියවර ගැනීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුරවට පැමිණ තිබේ. ඔහු ආරක්ෂක අංශ ප්‍රධානීන්, ආගමික නායකයන් හා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් සමග සාකච්ඡාවකට එක්ව තිබේ. පවත්නා තත්ත්වය සමනය කිරීම පිළිබඳව මෙහිදි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුකර ඇත.

ෆේස්බුක් වලට අමතරව වට්ස්ඇප්, වයිබර් වැනි තොරතුරු හුවමාරු කරන මාර්ගද අවහිර කරන බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසීය.ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මක කෙරේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව සමාජ මාධ්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයට විසඳුම සමාජ මාධ්‍ය පාලනය කිරීම නොවන බවයි.

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් නැවත දැනුම් දෙනතුරු අද (07) සිට වසා දමා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

Loading...

රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති නිසා සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.ඒ අනුව නිවාඩු ලබා ගොස් සිටින සියලු නිලධාරීන් යළි සේවයට වාර්තා කළ යුතු බව ද පොලිසිය කියයි.

Related Posts