බීස්ට් නිසා යුරෝපය හිමෙන් යට වෙයි – Photo

860

මේ දිනවල යුරෝපය පුරා පැතිර යන ශීත කාලගුණය හේතුවෙන් එම මහද්වීපයේ ප්‍රදේශ බොහොමයකින් හිමපතනය වාර්තා වී තිබේ.’බීස්ට් ෆ්‍රොම් ද ඊස්ට්’ ලෙස හැඳින්වෙන මෙම ශීත කාලගුණය හේතුවෙන් මධ්‍යධරණී මුහුදු ප්‍රදේශය දක්වා ප්‍රදේශ වලින් හිමපතනය මෙන්ම සෙල්සියස් අංශක ඍණ 30 ක් දක්වා වූ අධික සීතලක් ද වාර්තා වේ.

ශීත කාලගුණය හේතුවෙන් මේ දක්වා පෝලන්තයෙන් මරණ පහක් ද රුමේනියාවෙන් මරණ දෙකක්ද මේ දක්වා වාර්තා වේ.

මේ හේතුවෙන් අවදානමක පසුවන සිය අසල්වාසීන් පිළිබඳව සොයාබලන මෙන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මහජනයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

උණුසුම් ආහාර හා බ්ලැන්කට් ලබාදීම සඳහා යුරෝපා මහද්වීපය පුරාම මධ්‍යස්ථාන රැසක් විවෘත කළ බවද ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වන හිමෙන් වැසුනු යුරෝපයේ දසුන් කිහිපයකි මේ :

හිමවැටුනු ලන්ඩනයේ ග්‍රීන් පාක්


ඉතාලියේ පොම්පේ නුවර නටබුන්


සය වසරකට පසුව හිමවැටුණු රෝමය


ඊසාන දිග ජර්මනියේ කර්ස්ච්ඩෝෆ් වරායේ අයිස් වල සිරවූ බෝට්ටු


ඉතාලියේ කැසැග්ලියා ප්‍රදේශයට අධික හිමපතනයක්


අධික හිමපතනයෙන් පසුව නවතා දමනු ලැබූ ස්වීඩනයේ වාහන

ඉතාලියේ රෝම අගනුවර