ශ්‍රී දේවිගේ මරණය ඝාතනයක්‌, පාතාල නායක ඩාවුඩ් ට චෝදනා – දැනට අනාවරණය වු තොරතුරු මෙන්න

2120

බොලිවුඩ් සුපිරි නිළි ශ්‍රී දේවිගේ අබිරහස්‌ මරණය පිළිබඳව ඉන්දීය මාධ්‍ය මෙන් දේශපාලකයන් අතර ද දැඩි සැකයක්‌ මතුවී ඇත. මෙයට හේතුවී ඇත්තේ ඇගේ සැමියාගේ පළමු කසාදයේ පුත් අර්ජුන් කපුර් ද පසුගිය සෙනසුරාදා සිට ඩුබායි නගරයේ රැඳී සිටීමයි.

ශ්‍රී දේවිගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වී ඇත්තේ ඇය සිහිවිසඥව නාන බේසමට ඇදවැටීමෙන් පසු දියේ ගිලී මිය ගිය බවයි. එසේම ඇය නතර වී සිටි ඩුබායිහි සුපිරි හෝටලයේ සෑම ස්‌ථානයකම සීසීටීවී කැමරා පද්ධති ඇතත් එම කැමරා පද්ධතිවල සටහන් වී ඇති දර්ශන මෙතෙක්‌ නිරීක්‍ෂණයට ලක්‌වී නැත.

ඩුබායි පොලිසිය දක්‌වන්නේ ශ්‍රී දේවි සිටින කාමරයට ගිය අවසන් පුද්ගලයා ඇගේ ස්‌වාමියා වූ බොනි කපුර් බවය. බොනි කපුර් සිය දියණිය මුම්බායි වෙත රැගෙන ගොස්‌ නිවසේ නතර කර ආපසු ඩුබායි හෝටලයට පැමිණ ඇත්තේ ශ්‍රී දේවිය මවිතයට පත් කිරීමට බව වාර්තා වී ඇත. එසේම ශ්‍රී දේවිගේ අබිරහස්‌ මරණය ගැන ඩුබායිහි රැඳී සිටින කෝටිපති පාතාල කල්ලි නායකයකු වූ ඉබ්‍රාහිම් ඩාවුඩ් කෙරේද සැක පහළ වී ඇත.


ශ්‍රී දේවි රඟපෑ චිත්‍රපට කීපයක්‌ම මුදල් වැයකකර ඇත්තේ ඩාවුඩ් බව හෙළි වී තිබේ.

ඩාවුඩ් ඉන්දීය රජයට ද අවශ්‍ය වූවෙකි. එහෙත් මෙතෙක්‌ ඔහු අසුවී නැත.

මේ පසුබිම මැද ශ්‍රීදේවි මියගියේ හෘදයාබාධයකින් බවට සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කළේ පවුලේ අය බවට අනාවරණය වී ඇත.

මෙතෙක්‌ ඇය සතුව කෙතරම් දේපළ තිබේද යන්න හෙළි වී නැත. එහෙත් ශ්‍රීදේවි සහ බොනිකපුර් අතර අර්බුද පැවැති බවට ඉන්දීය මාධ්‍ය විසින් කලකට පෙර හෙළි කර තිබුණි.

මුම්බායි වෙත ගෙනැවිත් ඇති ඇගේ දේහය සිනමා රසික රසිකාවියන් වෙනුවෙන් ඊයේ උදේ සිට දහවල් දක්‌වා මුම්බායිහි සෙලිබ්‍රේෂන්ස්‌ ස්‌පෝට්‌ස්‌ ක්‌ලබ් මධ්‍යස්‌ථානයේ තැන්පත් කිරීමෙන් පසු සවස 3.30 ට ආදාහනය කර ඇත.

මේ අතර ඇගේ සිරුරට මත්පැන් ඇතුළු වූයේ කෙසේද යන්න ගැන මෙතෙක්‌ තොරතුරු හෙළි වී නැත. මත්පැන් පානය නොකරන ශ්‍රීදේවියට යමකු මත්පැන් බලෙන් පෙව්වාද යන ප්‍රශ්නය ද පැන නැඟී තිබේ.

එසේම ශ්‍රීදේවිය ජුමෙයිරා ටවර් හෝටලයේ කාමරයේ තනියම සිටියදී ඇගේ සැමියා ඩුබායි සිට මුම්බායි වෙත පැමිණීම ද සැකයට ලක්‌ වී ඇති කරුණක්‌ වේ. මේ හැර ඇය සිහිවිසඥ වීම ගැන ද සැක මතුවී ඇත.

ශ්‍රී දේවියගේ මරණය පිළිබඳව ඉන්දීය මාධ්‍ය පැවසුවේ නාන බේසමේ වැටී තිබියදී ඇගේ සිරුර හෝටල් කාර්ය මණ්‌ඩලය සොයාගත් බවයි. එහෙත් තවත් වාර්තාවක සඳහන් වූයේ බොනි කපුර්ට ඇගේ සිරුර හමුවූ බවයි.