තත්පර 60න් මුළු ලෝකයම දැනගත්ත අපේ ශ්‍රී ලාංකිකයා – කැක්ටස් අංකල්

747

කැක්ටස් කියලා ඉංග්‍රීසියෙන් කියන පතොක් කුලයේ ශාක වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ කිසිම ශාකයක් ඒතරම් උසට වැඩෙන්නේ නෑ.ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. තවත් දෙයක් පතොක් කියන්නෙත් ඔසුවක් බව මතක තියා ගන්න. මොකද පතොක් ගහ කිසි වැදගත්කමකට නැති ශාකයක් කියලයි හැමෝම හිතාගෙන ඉන්නේ.

ඉතින් මේ කැක්ටස් ලංකාවේ වගාකරන කෙනෙක් පිලිබදව ලෝක ප්‍රකට වාර්තා වැඩසටහන් නිෂ්පාදන ආයතනයක අවධානය යොමු වුනා.ඔහු නමින් නිමල් රාමචන්ද්‍ර වන අතර ඒ මහතා ලංකාවේ හිටපු ගුවන් පාලකවරයයි.මෙම කටයුත්තට ඔහු අවතීරණ වී ඇත්තේ 80 දශකයේදී.මේ වන විට නිමල් රාමචන්ද්‍ර මහතා සතුව විවිධ වර්ගවලට අයත් පතොක් ශාක 2000කට අධික ප්‍රමාණයක් ඇති බවයි ඔහු පවසන්නේ.ඒ අතර සමහර ශාක වසර ගණනාවක් පැරණි අතර ඔහු හොදින් මේ ශාක නඩත්තු කරනවා.

ලොවම අවධානය ගත්ත තත්පර 60 වීඩියෝව පහතින් නරඹන්න