Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

කඩාකප්පල් කරන්න එනවා කිව්ව කොටි තාම නැහැල්ලු – මෙන්න අපේ යුරෝපයේ කට්ටිය අද ලංඩන් වලදී කරපු දේ

680

මහා බ්‍රිතාන්‍යයේ ලංඩන් නගරයට එකතු වුන දේශප්‍රේමී ලාංකිකයෝ මේ වනවිට එහි වෙස්මින්ස්ටර් පාර්ලිමේන්තුව ඉදිරිපිට කොටි ත්‍රස්තයන්ට එරෙහි උද්ඝෝෂනයක නිරතවෙමින් සිටී.දැඩි පොලිස් ආරක්ෂාවක් මේ සදහා යොදවා ඇති අතර කොටි හිතවාදීන් මෙය කඩාකප්පල් කිරීමට උත්සාහයක් ඇතැයි වාර්තාවූවත් එවැනි සිද්දියක් තවමත් වාර්තා වූයේ නැත.

අද 24 වෙනිදා දහවල් 2 ට යුරෝපයේ සිටින දේශප්‍රේමින් මහා බ්‍රිතාන්‍යයේ ලංඩන් නුවර වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂනයක් ආරම්භ කල අතර පසුගිය දිනෙක කොටි විසින් ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්‍යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂනය සහ ඒ හා බැදුනු බ්‍රිගේඩියර් ප්‍රියංකර පෙරෙරාගේ සිද්දිය මුල්කොටගෙන ඔවුන් මේ විරෝධතාව පවත්වනු ලබන අතර බ්‍රිගේඩියර් වරයා සම්බන්දව මේ වනවිට ආන්ඩුව ගෙන ඇති කොටි හිතවාදී පිලිවෙත සම්බන්දයෙනුත් තම විරෝධය පලකරනු ලැබේ.

Loading...

මහා බ්‍රිතාන්‍යයෙ සිටින ලාංකිකයින්ට අමතරව යුරෝපයේ තිබෙන ඉතාලිය ,ස්විස්ටර්ලන්තය,ප්‍රංශය වැනි රටවල ජීවත්වන විශාල දේශප්‍රේමි ලාංකිකයින් පිරිසක්ද මේ සදහා සහභාගි වී ඇත .

ජයාරූප පහතින් නරඹන්න