1973 ඉදන් මේ දක්වාම ලංකාවේ ලොකු ලොක්කන්ට උයලා කන්න දුන්න ස්වර්ණා අක්කා

2506

ජීවිතය කියන්නේ එක්තරා විදිහක චාරිකාවක්. එක තැනකින් පටන් අරගෙන නොනවත්වා දිව යන ගමනාන්තයක් නැති චාරිකාවක්.මේ චාරිකාව යන අතරතුර ඉසිඹු ලබන්නට බොහෝමයක් නවාතැන් පොළවල් අපට හමුවෙනවා. ඒ නවාතැන්පලවල් තුළ විඩා නිවාගෙන අපි නැවත අපේ ජීවිත ගමන ආරම්භ කරනවා. මේ නවාතැන්වලදී අපට හරි අපූරැ පුද්ගල චරිත හමුවෙනවා. අපි නොදැනීම ඔවුන් හා එකට බද්ධ වී ජීවන ගමනේ විඩා නිවා ගන්නවා.ශ්‍රී ලංකාවේ නීතීඥ වෘත්තිය සඳහා සුදුසුකම් ලබාදෙන එකම ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලයයි.

නීති විද්‍යාලය කියන්නෙත් අන්න ඒ වගේහරි අපූරැ නවාතැන්පළක්.නීති පීඨවලින් වගේම විවෘත විශ්වවිද්‍යාලයෙන් ද නීති විද්‍යාලයෙන් ද නීතිවේදී (LLB) උපාධිය හදාරන සියලුම දෙනා නීතීඥවරයෙකු ලෙස දිවුරැම් දීමට නම් ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතීඥ උපාධිය හැදෑරිය යුතුයි. ඒ නිසා ලංකාවේ හතර දිබ්බාගයෙන්ම නීති වෘත්තියට ප්‍රවිශ්ට වෙන්න බලාපොරොත්තු වෙන කොයි කාටත් නීති විද්‍යාලය කියන්නේ තමන්ගේ ජීවන චාරිකාවේ එක්තරා නවාතැන්පළක්. නීතීඥවරයෙක් වෙන්න සුබ සිහධඡ්න දකින ඕනෑම කෙනෙක්ට නීති විද්‍යාලය තම ජීවිතයට ඉතාමත් සමීප බිම්කඩක්. ඕනෑම පාසලක වගේම විශ්වවිද්‍යාලයක ද නිවී සැනසිල්ලේ විනෝදෙන් ඉන්න පුළුවන් තැනක් තමයි ආපන ශාලාව කියන්නේ.

නීති සිසුන්ටත් තමන්ගේ නීති විද්‍යාලයේ ආපන ශාලාව විවේක කාලය ගත කරන්න කදිම තැනක්. මේ ආපන ශාලාවේ ඉන්නවා හරි අපූරැ කාන්තාවක්. ඇය නමින් කේ.එම්.ස්වර්ණලතා.එහෙමත් නැතිනම් හැමෝම දන්න ස්වර්ණා අක්කා කියන්නේ නීති විද්‍යාලයේ ඉපැරණිම සාමාජිකාවක්.ඉතින් ඒ නිසා පරණ මතකයන් හාරවුස්සන්න වගේම මේ අපූරැ ගැහැණු ආත්මයේ ආත්මකථනය දැනගන්න ස්වර්ණා අක්කාව හොයාගෙන අපි අලුත්කඩේ උසාවි සංකීර්ණය පරිශ්‍රයේ පිහධඡ්ටි ශ්‍රී ලංකා නීති විද්‍යාලයටම ගධඡ්යා.අපි යනවිටදීත් හරි හරියට පොරකන නීති සිසුන්ට කෑම විකුණන ස්වර්ණා අක්කාව සියලු වැඩ කටයුතුවලින් මඳකට නිදහස් කරගෙන ඉඩපහසු තැනකින් වාඩිවුණ අපි ඇයත් සමඟ අල්ලාප සල්ලාපයක යෙදුණා.

කාලයක් තමන්ගේ සහෝදරයා එක්ක නීති විද්‍යාල ආපනශාලාව පවත්වාගෙන ගධඡ්ය ස්වර්ණා අක්කා ඇයගේ සහෝදරයාගේ අභාවයෙන් පසු තනිවම ආපන ශාලාව තවදුරටත් පවත්වාගෙන යාමේ අභධඡ්යෝගය භාර ගන්නවා.තනිවම අවුරැදු විසිපහක කෙල්ලෙක් මේ තරම් භාරදූර වගකීමක් භාරගන්නවා කියන්නේ ඇත්තටම කැප කිරීමක්.වයස අවුරැදු විසිපහ කියන්නේ ගෑනු ළමයෙක්ට තීරණාත්මක වයසක්. මොකද තමන් තනිකඩව ඉන්නවා ද,එහෙම නැතිනම් විවාහ වෙනවා ද කියලා තමන්ගේ ජීවිතයේ අනාගතය පිළිබඳව ඕනෙම කෙනෙක් මේ වයස් සීමාවේදී දළ උපකල්පනයක ඉන්නවා.අනිත් තරැණියන් අවුරැදු විසිපහේදී තම සහකාරයා,පෙම්වතා සොයා ගනිද්දී ස්වර්ණා අක්කා තමන්ගේ ජීවිතය නීති විද්‍යාලයේ ආපන ශාලාව වෙනුවෙන් කැප කරන්න තීරණය කළා.1973 වසරේ ඉඳන් මේ වෙනකන් නීති විද්‍යාලයේ ආපන ශාලාව පවත්වාගෙන යන ස්වර්ණා අක්කාගේ අතින් කෑම වේලක් නොකාපු නීතීඥවරයෙක්, විනිසුරැවරයෙක් මේ ලංකාවේ නැති තරම්. ස්වර්ණා අක්කා ඒ තරම්ම පැරණි සාමාජිකාවක්.

පරම්පරා තුනකට ආසන්න පිරිසකගේ කුසගධඡ්නි නිවාගන්න ස්වාර්ණා අක්කා තමන්ගේ අතින් හදපු කෑම බීම දීලා තියෙනවා. ඒ නිසාම නීතීඥ තාත්තාටත් නීතීඥ පුතාටත් ස්වර්ණා අක්කා “ස්වර්ණා අක්කාම” තමයි. ස්වර්ණා අක්කාගේ අතීතය මෙන්න මේ විදිහට අහගෙන ඉන්නකොට මට ආපු ප්‍රශ්නයක් තියෙනවා. මේ තරම්
අවුරැදු ගාණක් නීති විද්‍යාලයට ආපු පිරිසෙන් දැන් ස්වර්ණා අක්කාට හොඳටම මතක කවුද කියන එක. මගේ ප්‍රශ්නයට ස්වර්ණා අක්කා දුන්නේ මෙන්න මේ වගේ උත්තරයක්. “ගොඩක්ම මට මතක නීති විද්‍යාලයෙන්ම උපාධිය ගත්ත” මයි තමයි. නීති පීඨයේ ඉඳන් ආපු අය මෙහෙ ඉන්නේ අවුරැදු දෙකක් නිසා එයාලට වඩා නීති විද්‍යාලයෙන්ම ඉගෙන ගත්ත අයව මට හොඳට මතකයි. ඒ වගේම නීතීඥවරැන්ගේ ළමයි, විනිසුරැවරැන්ගේ ළමයි එයාලාගේ අම්මලා, තාත්තලා වගේම මට හොඳට මතකයි.” මේ තරමට වෙන වෙනම මූණු කීයක් නම් ස්වර්ණා අක්කාට මතක ඇද්ද? ඒ මූණුවලින් කීයක් නම් ලංකාවේ ඉහළ තැන්වල ඉන්නවා ඇත්ද? ස්වර්ණා අක්කා කියන්නේ හරිම ඉක්මනින් සමීප වෙන තැනැත්තියක් වග මට තේරැණේ ඇයත් එක්ක කතාබහ ආරම්භ කරන විටමයි.අද මුණගැහැණු මාත් එක්ක ඒ තරම් සමීප වෙන ඇය නීති විද්‍යාලයේ සිසුන් සමඟ කෙතරම් නම් සමීප ඇත්ද? මේ ගැන ස්වර්ණා අක්කාගේ අදහස වුණේ “මේ ළමයින් සියලුදෙනාම මගේ ළමයි වගේ. මට ළමයි නැහැ. ඒත් මේ හැමෝම මට හරිම ආදරෙයි. කිසිම දවසක මම නිවාඩු ගන්නේ නැහැ.

නිවාඩු අරගෙන මට වැඩිකල් ඉන්නත් බැහැ. ළමයින්ව මතක් වෙනවා.” ස්වර්ණා අක්කගේ මේ වචන ටිකෙන්ම ස්වර්ණා අක්කා මේ නීති විද්‍යාලයට කොච්චර සමීප තැනැත්තියක් ද කියලා මට පසක් වුණා. ඒ වගේම මේ නීති සිසු සිසුවියන් ස්වර්ණා අක්කාට බොහොම සමීපයි. බොහෝ විට ගැහැනු පිරිමි බේදයකින් තොරව කරදරයකදී, ප්‍රශ්නයකදී නීති විද්‍යාලය ඇතුළේ කියාගන්න කෙනෙක් නැති වෙලා තනිවුණ වෙලාවල්වලදී මේ හැම කෙනෙක්ම ස්වර්ණා අක්කා ළඟට ඇවිල්ලා අම්මෙක්ට දරැවෙක් ප්‍රශ්නයක් කියනවා වගේ දුක කියනවා කියලාත් ස්වර්ණා අක්කා අපිත් එක්ක කිව්වා.ස්වර්ණා අක්කා කියන්නේ හරිම ප්‍රීතිමත් ගැහැනියක්. හැමවෙලේම ඇගේ මූණේ ඇදිලා තියෙන  හිනා රැල්ල ඒකට සාක්කි තියනවා. ඒ වගේම තමන් කරන මේ කාර්ය ගැනත් ස්වර්ණා අක්කා සෑහෙන්න තෘප්තිමත් වෙනවා සහ ඉතාමත් සතුටු වෙනවා. “හැමදාත් මම ඉන්නේ සතුටෙන්” කියලා ඇය කියන්නත් කලින්ම මට තේරැණා.මේ අවුරැදු හතළිස් හතක් ඇතුළත නීති විද්‍යාලයේදී කණගාටු වුණ දවසුත් ස්වර්ණා අක්කට නැතුවාම නෙමෙයි.

නීති විදෘ්‍යලය ඇතුළෙම තමන්ගේ තරැණ කාලේ වගේම මැදිවියත් පසු කරමින් ඉන්න ස්වර්ණා අක්කා කොච්චර නම් හදිසි මරණයන් දකිනවා ඇත්ද? “මට වැඩියෙන්ම දුක හධඡ්තෙන්නේ මෙහෙ ඉන්න ළමයි අන්ත්‍රා වෙලා කියලා ආරංචි වුණාම. පෙරේදත් ළමයෙක් නැති වුණා. අනේ… මට හරිම දුකයි. මේ දෙසැම්බර් මාසේ
දිවුරැම් දෙන්න හධඡ්ටපු ළමයෙක් එයා. පවුලේ එකම ළමයා.මේවා ඇහෙද්දි නම් කියාගන්න බැරි දුකක් මට දැනෙන්නේ.” ස්වර්ණා අක්කාගේ මේ ආත්ම
ප්‍රකාශනයන් කොයිතරම් ගැඹුරැයි ද? මේ තරම් සංවේදී වෙන්න පුළුවන් කරැණාබර තැනැත්තියක් කියන දේ ඇයත් සමඟ සල්ලාපයේ යෙදෙන මට තේරැණා.ස්වර්ණා අක්කා මේ කරන්නේ ලෝකේ තියෙන බැරෑරුම් රැකියාවලින් එකක්. මොකද කෙනෙක්ගේ කට දිව පිනවනවා කියන එක ලේසියෙන් කෙනෙක්ට කරන්න අමාරැ වැඩක්. දිව පිනෙව්වත් හධඡ්ත පිනවන්න ටිකක් අමාරැයි. ඒ වගේම එක සැරයක් කෑම කන කෙනෙක්ව නැවත ගෙන්ව ගන්න එකත් බොහොම අමාරැවැඩක්. උපන්ගෙයිම සූපවේදයට දක්ෂ තැනැත්තියක් වුණ ස්වර්ණා අක්කාට නම් ඒක ඒ හැටි අමාරැ වැඩක් නෙමෙයි.මොකද ස්වර්ණා අක්කාගෙන් කෑම කන හැම කෙනෙක්ම ආයිමත් කුසගධඡ්නි දැනුණ ගමන්ම නීති විද්‍යාලයේ ආපන ශාලාවට ස්වර්ණා අක්කාගේ කෑම කන්න එන්නේ ඒ තරමටම ඒ කෑම ප්‍රණීත නිසයි.

මේ අවුරැදු හතළිස් හත ඇතුළත කෑමවල රසයට කිසිම පැමිණිල්ලක් ලැබුණේ නෑ කියලා ස්වර්ණා අක්කා අපිත් එක්ක කිව්වා. “ඒත් හිටපු ගමන් ලුණු චුට්ටක් එහෙම වැඩිවුණ වෙලාවට රහසෙන් “මයි ඇවිත් මට ඒක කියනවා”කියලත් ස්වර්ණා අක්කා අපිත් එක්ක කිව්වා. නීති විද්‍යාලය කියන්නේ ලංකාවේ සෑම නීති සිසුවෙක්ම පය ගහන තැනක්. නීතීඥවරැ,විනිසුරැවරැ විතරක් නෙමෙයි ලංකාවේ දේශපාලන යාන්ත්‍රණය හසුරැවන ජේෂ්ඨ දේශපාලකයන් පවා නීති විද්‍යාලයේ ආපන ශාලාවේදි ස්වර්ණා අක්කාගෙන් කෑම කාලා තියෙනවා.

ඒ වගේ ස්වර්ණා අක්කාගේ අත්ගුණේට වහ වැටුණු ප්‍රසිද්ධ දේශපාලන චරිත පිළිබඳ මතකය කොයි වගේ ද කියලා අහන්නත් මම අමතක කළේ නැහැ. “මට හොඳට
මතකයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. බොහොම සාමාන්‍ය මනුස්සයෙක්. එයා වැඩිපුරම ප්ලේන්ටි බොන්න තමයි කැමැති. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාව හොඳට මතකයි මට. ඒ කාලේ කොළඹ මිනිස්සු, ගමේ මිනිස්සු කියලා නීති විද්‍යාලයේ පුංචි භේදයක් තිබුණා. රනිල් වික්‍රමසිංහ කොළඹ මිනිස්සුන්ගේ කල්ලියේ හධඡ්ටියේ. එයා වැඩිය කතාබහක් නෑ, නිහඬ චරිතයක්. වැඩිපුරම කන්න කැමති රෝල්ස්. මේ ළඟකදිත් මට හම්බෙලා ඇහුවා රෝල්ස් තියෙනවා ද කියලා.

එතකොට මට හොඳට මතකයි නාමල් රාජපක්ෂ. එයා නිර්මාංශධඡ්කයි. වැඩිපුරම රොටී තමයි කෑවේ. පවිත්‍රා වන්නිආරච්චි, අනුර ප්‍රියදර්ශන යාපා, ජී.එල්.පීරිස්, ධර්මදාස බණ්ඩාරනායක, විජේදාස රාජපක්ෂ, සුජීව සේනසිංහ මේ හැමදෙනාම මගේ කෑම කාලා තියෙනවා.” කියලා ස්වර්ණා අක්කා කිව්වේ බොහොම ආඩම්බරෙන්. මේ ප්‍රසිද්ධ චරිතත් එක්ක බැදුණු අමතක නොවන සිදුවීම් බොහෝමයක් අතරින් ස්වර්ණා අක්කා කියපු එක කතාවක් මෙලෙස සටහන් කරන්න මම තීරණය කළා. “දවසක් රැග් එකේදි මොහොන් පීරිස්ගේ (හිටපු අගවිනිසුරැ) බෑග් එක canteen එකට කට්ටිය විසි කරලා තිබ්බා. එයා ඇවිත් බෑග් එක හොයද්දී මම ඒ බෑග් එක අරන් තියලා දුන්නා. එයාට තාමත් ඒක හොඳටම මතකයි.”

හැමදාම උදේ හතරට නීති විද්‍යාලයේ ආපනශාලාවට එන ස්වර්ණා අක්කා සවස හයත් පසුවෙලයි නවාතැනට යන්නේ.රජවරැ, මැතිඇමතිවරැන්ව පවා ප්‍රණීත ආහාරවලින් පිනවූ මේ ස්වර්ණා අක්කා තම ජීවිතයේ ඉතිරි කාලයත් මේ නීති විද්‍යාලයටම කැප කරන්න බලාපොරොත්තුවෙන් පසුවනවා.අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල හරි ගාම්භීරව පිහිටි නීති විද්‍යාලයේ ආපනශාලාවේ ඉන්නමේ අපූරැ කාන්තාවගේ මූණේ ඇදුණු අහිංසක  සිනා රැල්ල ඇය මියෙනතුරාවටම ඉදිරියටත් දැකගන්නට හැකිවනු ඇති. අනාගතයේ බිහි වෙන නීතීඥ, විනිසුරැ, අගවිනිසුරවරැන්ට මෙන්ම මහාරාජ මැති ඇමති ආදී අතිගෙෳරවනීය පුද්ගලයන් පවා ස්වර්ණා අක්කාගේ ප්‍රණීත ආහාර වේලකින් සප්පායම් වනු ඇති.