ලන්ඩනයේ කේ.එෆ්.සී ආපනශාලා 575 ක් හදිසියේ වසා දමයි

660

කුකුළු මස් නොමැතිකම නිසා ලන්ඩනයේ සුප්‍රකට කේ.එෆ්.සී ආපනශාලා ජාලයේ ලන්ඩන් ශාඛා සිය ගණනක් වසා දමා තිබේ.

බෙදාහැරීම් ජාලය ඩී.එච්.එල් සමාගමට ලබාදීමත් සමඟ කේ.එෆ්.සී ආපනශාලා ජාලය මෙම අර්බුදයට මුහුණ දීමට සිදුව ඇති අතර බ්‍රිතාන්‍යයේ තිබෙන ඔවුන්ගේ ආපනශාලා 900න් 575ක් පමණ වසා දැමීමට සිදුව ඇත. මේ පිළිබඳව ඩී.එච්.එල් සමාගම චෝදනා කරන්නේ මෙහෙයුම් ප්‍රශ්නයක් නිසා මෙම අර්බුදය ඇති වූ බවයි.

මේ සම්බන්ධයෙන් කේ.එෆ්.සී සහ සිය පාර්ශවකරුවන් සාකච්ඡා කරන බවත් මේ අර්බුදය කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් ඔවුන් පවසයි. සිදු වූ අපහසුතාව පිළිබඳව ඩී.එච්.එල් කුරියර් සමාගම කනගාටුව පළ කරන බව එහි ප්‍රකාශිකාවක් සඳහන් කර ඇත.