අද පාර්ලිමේන්තුව උණුසුම් කල විවාදය මෙන්න – ඇයි දත් දොස්තර මහත්තයෝ , අනේ නැවෝ

929

ඇමැති රාජිත සේනාරත්න මහතා සහ විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.රාජිත සේනාරත්න මහතාගේ චෝදනා ඔප්පුකළහොත් තමා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙන බව විමල් වීරවංශ මහතා පැවසීය.

“අද උදේ මෙයාලා මහ ලොකුවට කිව්වේ ජාතික ආණ්ඩුව නෑ කියලා. දැන් මේ තියෙන්නේ මොකක්ද? අලුත් අගමැතිවරයෙක් පත් කරන්න කියලා මම කිව්වේ නෑ කියලා මහින්ද අමරවීර මහතා කියලා තියෙනවා“. (දුරකතන බලාගෙන රාජිත ඇමැතිවරයා කියයි)

විමල් වීරවංශ – යම් ලේඛණයක් ගැන කියනවා නම් සභාගත කරන්න කියන්න. අප්පයි පුතයි දෙන්නම එකයි.

රාජිත – මෙතුමා තාක්ෂණය ගැන දන්නේ නෑ. මෙතුමා ඕලෙවල් ෆේල්. පුලුවන්නම් සාමාන්‍ය පෙළ සහතිකය පෙන්වන්න.

විමල් වීරවංශ – මේ කැබිනට් ප්‍රකාශක කියනවා මම ඕලෙවල් ෆේල් කියලා. පුළුවන් නම් ඔප්පු කරන්න. මම හෙට ඉල්ලා අස්වෙනවා.

රාජිත සේනාරත්න – ඇයි ඒලෙවල් කළේ නැත්තේ? වැඩ හයයි ඕනා ඕලෙවල් පාස් වෙන්න.

වීඩියෝව පහතින් නරඹන්න