මේ සතිය ඔබට සුබ වෙන්නේ මෙහෙමයි (පෙබ 19 – පෙබ 25)

832

මේෂ ලග්නය – ආදායම් ලබයි 
වැඩ කටයුතු යහපත් අන්දමට සිදුවේ. නැවැති තිබුණු කටයුතු නැවත පටන් ගැනේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වර්ධනය කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායක වේ. අදහස් කිහිපයක් ඉෂ්ඨ සිද්ධ වේ. සතුරන්ට වඩා තම තත්ත්වය උසස් වේ. කරගෙන යන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබයි. ගෙදරදොර කටයුතු, යුග දිවිය සම්බන්ධ කටයුතුවලින් සාමාන්‍ය ප්‍රතිඵල ලබයි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් විය යුතුය.ජය වර්ණය – රතු ජය අංකය – 09

වෘෂභ ලග්නය – ආගමට යොමුවන්න 
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී දෝෂාරෝපණයන්ට ලක්විය හැකි නිසා කල්පනාකාරී විය යුතුය. අලුත් අසනීපයක් මතුවීමේ ඉඩකඩක්ද පවතී. විශේෂයෙන්ම කෑම බිම නරක්වීමෙන් සෑදෙන රෝගාදියට ඉඩ පවතී. මිල මුදල් ලැබිම අතින් අයහපත් නොවේ. මිල මුදල් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යා හැකි නිසා ප්‍රවේශම් විය යුතුයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය, සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුයි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවකාශය සැලසේ. ආගමික අවධානයට නැඹුරුවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදේ.ජය වර්ණය – නිල්ජය අංකය – 06

මිථුන ලග්නය – ප්‍රවේශම් විය යුතුයි 
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විටෙක අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලැබේ. එහෙත් උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී සැලකිලිමත් වන්න. වචන පාවිච්චියේදී වඩාත් ප්‍රවේශම් විය යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. මුදල් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යනු ඇත. ගෙදර දොර කටයුතුවලදී කල්පනාකාරී වන්න. වචන පාවිච්චියේදී වඩාත් ප්‍රවේශම් විය යුතුයි. නොඑසේනම් වාදභේදයන්ට ඉඩ මතු කළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කල්පනාකාරී වන්න. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. අවම විෂයයන් ඉගෙනීමට අවකාශ ලැබේ.ජය වර්ණය – කොළ ජය අංකය – 05

කටක ලග්නය – වියදම් අධිකයි 
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සාර්ථක වේ. අන්‍යයන්ගේ ආධාරය අපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායයි. ආදායම් ලැබිම අතින් යහපත් වුවද වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරු වේ. ගෙදර දොරකටයුතු යහපත් වුවත් විටින් විට අනපේක්ෂිත සිද්ධිය තුළ බාධා අවහිරතා නැත්තේද නොවේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. ඉගෙනීමේ යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.ජය වර්ණය – ක්‍රීම් පාට ජය අංකය – 02

සිංහ ලග්නය – වෙළෙඳාමෙන් ජය 
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ප්‍රමාද වූ වැඩ කටයුතු සිද්ධ වේ. නැවතී තිබුණ කටයුතු නැවත පටන් ගැනේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායක වේ. ආදායම් ලැබුණද විටෙක නිෂ්ඵල දෙයට මුදල් වියදම් වනු ඇත. මිල මුදල් සම්බන්ධකටයුතුවලදී ප්‍රවේශම් විය යුතුයි. ගෙදරදොර කටයුතුවලදී තරමක් ඉවසිලිමත්වද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. අධ්‍යයන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට ශුභයි. අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. සමාජීය සහ ආගමික අංශයට අදාළව ක්‍රියා කරනු ඇත. ඒ තුළ සහනයක්ද සැනසීමක්ද ලැබෙනු ඇත.ජය වර්ණය – රතු ජය අංකය -01

කන්‍යා ලග්නය – අධ්‍යාපනයට සුබයි 
අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක වේ. ලෙහෙසියෙන්ද පහසුවෙන්ද තම කටයුතු සාර්ථක කරනු ඇත. වෘත්තීය සහ රැකි රක්ෂා කටයුතු සාර්ථක වේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු සාර්ථක වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභදායක වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායකයි. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ආගමික සහ සමාජීය කටයුතුවලට වඩාත් යොමු වේ. ඒ තුළ සහනයක්ද සැනසීමක්ද ලැබෙනු ඇත.ජය වර්ණය – කොළ ජය වර්ණය – 05

තුලා ලග්නය – විදෙස් කටයුතු සුබයි 
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අන්‍යයන් සමග කටයුතු කිරීම තුළ ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. උනන්දුව සහ කැපවීම තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නැත. කෙසේ වුවත් තමාගේ මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් විය යුතුයි. ගෙදරදොර කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු උදෙසා තරමක් අවධානයෙන් යුතුව ක්‍රියා කළ යුතුයි.ජය වර්ණය – නිල් ජය අංකය – 06

වෘශ්චික ලග්නය – දරුවන් වෙනුවෙන් වෙහෙසේ 
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ගෙන දේ. වැඩ කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. නවතා තිබූ කටයුතු කිහිපයක් සාර්ථක කරගත හැක. අවම වගකීම් කිහිපයක් භාර ගැනීමට සිදුවේ. කරගෙන යන කටයුතුවල සාර්ථක දියුණුවක් ලබයි. ගෙදරදොර කටයුතුවලදී තරමක් ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට නව විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.ජය වර්ණය – රතු ජය අංකය 09

ධනු ලග්නය – රැකියාවට බාධා 
වෘත්තීය සහ රැකිරක්ෂා කටයුතු කරගෙන යාමේදී විටින් විට බාධා අවහිරතා, ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වේ. අතපසුවීම්වලට ඉඩ පවතී. තමාගේ කටයුතුවලට එක්තරා මට්ටමක අන්‍යයන්ගේ උපකාරය ලැබේ. ආර්ථික වශයෙන් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට සුළු වශයෙන් හෝ ලාභ අත් වේ. ගෙදර දොර කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු විය යුතුයි. නොඑසේ නම් ආකුලතා ඉස්මතු කළ හැක. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ.ජය වර්ණය – රන්වන් ජය අංකය – 03

මකර ලග්නය – දියුණුවට කටයුතු යෙදේ 
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී අනුමානයට කරන කටයුතුවලින් දියුණුවට මාර්ග සෑදේ. හිතට කයට සැප එළවන සියලු දේ ලැබෙන කාලයකි. සාමාන්‍ය දියුණුවක් කෙසේ හෝ ලබයි. මෙහිදී අලුත් දේවල් ඉගෙනීමටද ඉඩ ලැබේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් අදා කරයි. ගෙදරදොර කටයුතු යහපත්ය. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. දරුවන්ගේ කටයුතු උදෙසා උනන්දුවක් පෙන්වයි. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට යහපත්ය. අලුත් දේවල් ඉගෙනීමට ඉඩ ලැබේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුය. ජය වර්ණය – නිල් ජය අංකය – 08

කුම්භ ලග්නය – මිශ්‍රඵලයි 
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම් ශුභදායක නොවේ. මිල මුදල් සෙවීමේදී ඉමහත් මහන්සි විය යුතුයි. කෙසේ වුවද ස්වකීය උත්සාහය තුළ ලාභ ප්‍රයෝජන උදා වේ. ආදායම් ලැබුණද නිෂ්ඵල වියදම් ද වේ. වෘත්තීය සහ රැකියා අංශවලදී යම් යම් බාධා ප්‍රමාදතා මධ්‍යයේ තමාගේ කටයුතු කරගත යුත්තේය. අවශ්‍ය කටයුතු කිහිපයක් උදෙසා සැලසුම් සකස් වේ. ඒවා දියුණුවටද පත්වනු ඇත. ගෙදරදොර කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී කාර්ය බහුලයි. අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක්ම වෙනස් වේ. කෙටි ගමන් බිමන් කිහිපයක්ම යෙදෙනු ඇත. සිතට ගතට තද වෙහෙස මහන්සියක් දැනේ.ජය වර්ණය – නිල් ජය අංකය – 06

මීන ලග්නය – බාධා සහිතයි 
රැකීරක්ෂා කටයුතුවලදී උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. බාධා අවහිරතා එල්ල විය හැක. තමාගේ වැඩ කටයුතුවලට අනන්‍යයන්ගෙන් බාධා අවහිරතා එල්ල වේ. මිල මුදල් ලැබිම අතින් අහපත් නොවේ. තමන්ගේ වියදමට සරිලන ආදායමක් ලබා ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. ගෙදර දොර යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. සංකීර්ණ රෝග තත්ත්වයන්ට ඉඩ මතුකළ හැකි බැවිනි. කෙටි ගමන් ඇති වේ. ගමන් බිමන්වලදී ප්‍රවේශම් වන්න.ජය වර්ණය – රන්වන් ජය අංකය – 03