ක්‍රිඩා පුවත්

බංග්ලාදේශ තරගාවලිය ජය ගැනීමට හේතුව එක පවුලක් නිසාලු – නායක චන්දිමාල්

කණ්ඩායමක් ලෙස නොව පවුලක් ලෙස තරග කිරීම කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල් පැවසීය. බංග්ලාදේශ කණ්ඩායම හා ඊයේ (18දා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ද ලකුණු 75ක ජයක් වාර්තා කිරීමෙන් අනතුරුව පැ‍වති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Loading...

“ අපිට ඇත්තටම නරක වසර කිහිපයක් තිබුණා. මම හිතනවා දැන් ක්‍රීඩකයන්ට හොද විශ්වාසයක් ලැබී තිබෙනවා. තරගයට පෙරාතුවත් කීවේ අපි කණ්ඩායමක් ලෙස නොව පවුලක් වශයෙන් ක්‍රීඩා කරන බවයි. ඒක තමයි ප්‍රධාන දේ. අපට දැන් හොඳ ජ්‍යෙෂ්ඨ හා තරුණ ක්‍රීඩකයන්ගේ මිශ්‍රණයක් තිබෙනවා” යැයි ඔහු පැවසීය.

එසේම ආරම්භක පිතිකරුවෙකු ලෙස කුසල් මෙන්ඩිස් සාර්ථක වූ බවත් ඔහුට ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බවත් චන්දිමාල් වැඩිදුරටත් පවසා සිටියේය.

Loading...

Related Posts