සයුරෙන් එහා පුවත්

මැරුනොත් වග නොකියන ගිවිසුමකට අත්සන් කර ආහාරයට ගන්නා ලොව භයානකම අයිස්ක්‍රීම් ඉතාලියේ

අයිස්ක්‍රීම් කියන්නෙ ඉතාමත් රසවත් අතුරුපසක්.ලොකු කුඩා භේදයකින් තොරව අයිස්ක්‍රීම් කන්න අපි හැමෝම ආස කරනවා.

අද වන විට වෙළඳ පොළේ විවිධ වර්ගයෙන් , විවිධ රස වලින් , විවිධ මිල ගණන් වලින් අයිස්ක්‍රීම් රැසක් පවතිනවා.ඕනෑම මොහොතක අයිස්ක්‍රීම් රස විදීමට හැම කෙනෙක්ම වාගේ කැමැත්තක් දක්වනවා.

නමුත් ආහාරයට ගැනීමට පෙර තම ජීවිතයට කිසියම් අනතුරක් වූවොත් වග නොකියන බවට වූ කිසියම් ගිවිසුමක් අත්සන් කර ආහාරයට ගන්නා ලොව භයානකම අයිස්ක්‍රීම් වර්ගය පිළිබඳව ඔබ මීට පෙර කිසි දිනෙක අසා තිබුණාද?

එය පුදුමයක් වූවත් එවැනි ආකාරයේ අයික්‍රීම් පවතිනවා.මෙම අයිස්ක්‍රීම් වර්ගයේ විශේෂත්වය වන්නේ මේවා පැණි රස වෙනුවට අධික මිරිස් සැරින් යුක්ත වීමයි.සාමාන්‍යයෙන් අයිස්ක්‍රීම් යනු පැණි රස වර්ගයකි.

මෙම අපූරු අයිස්ක්‍රීම් ඉතාලි බසින් හැඳින්වෙන්නේ Respiro del Diavolo යන නමිනි. එහි තේරුම වන්නේ ‘ඩෙවිල්ස් බ්‍රෙත්’ හෙවත් යක්ෂයාගේ හුස්මයි.

ඉතාලි ජෙලාටෝ නිෂ්පාදිතයන් ගේ රහස්‍ය වට්ටෝරුවක් වන මෙය, ඉතාලියේ ඩෙවිල්ස් බ්‍රිජ් නම් ස්ථානයේදී පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික හමුවීම් වලදී නිර්භීතබව පෙන්වීම සඳහා අනුභව කරනු ලැබේ.

මිරිස් වර්ග කිහිපයක් යොදාගෙන නිෂ්පාදනය කරන මෙම අයිස්ක්‍රීම් වල සැර, මිරිස් සැර මනින මිනුම් දණ්ඩ වන ස්කෝවිල් මිනුම් දණ්ඩේ තාප ඒකක මිලියන 1.5කට වැඩි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත්, මෙම අපූරු අයිස්ක්‍රීම් එක මේ වන විට ස්කොට්ලන්තයේ ඇල්ඩ්විච් කැෆේ හි අලෙවි කරන අතර, එහි අයිතිකරු වන මාටින් බැන්ඩෝනි පවසන්නේ මෙහි රසබැලීමට බොහෝ දෙනා පැමිණෙන බවයි.

කෙසේවෙතත්, අධික මිරිස් සැර හේතුවෙන් එය රසවිඳීමට නම් වයස අවුරුදු 18ට වැඩි විය යුතු අතර, අනුභව කිරීමට පෙර අත් හැරීමේ ප්‍රකාශයකට අත්සන් තැබීමට ද ඔවුන්ට සිදුවේ.

පුදුමයි නේද? මෙහෙම අයිස්ක්‍රීම් වල රස බලන පිරිසක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් අපිට වාර්තා වුණා.

මෙවැනි අයිස්ක්‍රීම් එකක් ආහාරයට ගැනීම ඇතැමුන් අභියෝගයක් ලෙස භාරගනු ලබනවා.අභියෝග භාර ගැනීමට සමහර පිරිස් දක්වන්නේ ඉතාම කැමැත්තක්නෙ.