දකුණු පළාතේ සමස්ථ වැලන්ටයින් ප්‍රතිඵලය මෙන්න – අද දවසේ බුකියේ දාපු සුපිරිම පොස්ට්

1743

අද ලෝක ආදරවන්තයින්ගේ දිනය. ඉතින් මේ වෙනුවෙන් තරුණ තරුණියන්නම් ගොඩක් බලන් ඉන්න ඇති තමන්ගේ ආදරවන්තියව හෝ ආදරවන්තියව පුදුම කරන්න.

අතීත රෝමානු අධිරාජයෙක් වෙච්ච දෙවැනි ක්ලෝඩියස්ගෙ කාලෙ සොල්දාදුවන්ට විවාහ වෙන්න තහනම්ය කියල නීතියක් තිබිල තියනවා. මේ නීතිය පණවන්න හේතුව වෙලා තියෙන්නෙ විවාහක සොල්දාදුවන්ට වඩා අවිවාහක සොල්දාදුවන් වඩා ජවසම්පන්නයි කියල අධිරාජයා විශ්වාස කරපු නිසාවෙන් බවයි කියැවෙන්නේ. කොහොම වෙතත් ආදරවන්තයන් කෙරෙහි දයාවක් දක්වපු වැලන්ටයින් කියන පූජකවරයා ආදරෙන් බැඳිල හිටපු සොල්දාදුවන්ව ඔවුන්ගෙ පෙම්වතියන් එක්ක රහසින්ම සරණ බන්දන්න කටයුතු කලාලු. නීතියට පිටින් ගිහින් කරපු මේ ක්‍රියාව අවසානෙදි අධීරාජයගෙ කණට වැටිච්ච නිසා වැලන්ටයින් පූජකතුමාට මරණ දණ්ඩනය නියම වෙලා තියනව. එතුමාව මරණයට පත්කරපු පෙබරවාරි 14 වැනිදා තමයි අපි කවුරුත් දන්න වැලන්ටයින් දවස යෙදෙන්නෙ.

වැලන්ටයින් සුබපැතුම් බොහොමයක් යවද්දි “From your Valentine” වගේ තමන්ව හඳුන්වල දෙන එකට හේතු වෙලා තියෙන්නෙත් ශාන්ත වැලන්ටයින් පූජකතුමා තමයි. මෙතුමා මරණ දඬුමට කැප කරල සිරගතව ඉන්න කාලෙ තමන්ගෙ හිරගෙදර මුලාදෑනියගෙ දුව එක්ක ප්‍රේමයෙන් බැඳිල තියනවා. අන්ධ තරුණියක් වෙච්ච ඇයට ප්‍රාතිහාර්යක් මගින් පෙනීම ලබාදෙන්නත් වැලන්ටයින් පූජකතුමා කටයුතු කරල තියනව කියල පැරණි කතාවල සඳහන් වෙනවා. කොහොමින් හරි තමන්ව මරා දමන්නට කලින් දවසේදි වැලන්ටයින් ශාන්තුවරයා From your Valentine නමිත් අත්සන් කරපු ලියුමක් ඇය වෙත යවල තියනවා. මේ අනුව තමයි වැලන්ටයින් සුබ පැතුම් වලදි “වැලන්ටයින්” නමින් පෙම්වතුන් තමන්ව හඳුන්වලා දෙන්න පටන්ගෙන තියෙන්නෙ.

කොහොමුවනත් මේ ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් තවත් පිරිසක් තනිකඩව ඉන්නවා.ඒ ගැන සමාජජාලවලත් බොහෝ සෙයින් පෝස්ට් හුවමාරු වෙන්න පටන් ගත්තා.කොහොවුනත් අපි හිතුවා මේ තනිකඩ පිරිස අතර හුවමාරු වුන පෝසට් කිහිපයක් පළකරන්න.ආදරවන්තයින්ගේ දිනයට බුකියේ පළවුණ පොස්ට් පහතින් බලන්න.