පිල් මාරුව ඇරඹෙයි,මහමැතිවරණයක් නුදුරේම – මෙන්න මේ මොහොතේ මහින්ද සමීපයට ගිය ප්‍රභලයා

2583

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයේ ප්‍රභල අමාත්‍යවරයෙක් වෙන සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මහින්ද රාජපක්ෂ මහතා සමගින් එක්වීම තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඔහුත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන හත් දෙනෙක් මහින්දට එක්වීමට නියමිත බව වාර්තාවෙයි.

වාර්තාවෙන්නේ සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පෙ.ව. 11.00ට මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව වාර්තා වෙයි.

මේවන විට නිකුත් වෙන ප්‍රතිඵලවලට අනුව සිදුවෙමින් පවතින පළාත් පාලන මැතිවරණ පරාජයත් සමග අගමැති ධුරය පිළිගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ආරාධනා කර ඇති බව පුවත් ආරංචි මාර්ග පවසන බවට අප මීට පෙර වාර්තා කළා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් නෙළුම් පොහොට්ටුව පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන් හැසිරවූ පුද්ගලයා වූ බැසිල් රාජපක්ෂ විසින් එම ඉල්ලීම එක හෙළා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා.

බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස වී තිබෙන්නේ මේ සමගම මහ මැතිවරණයකට යොමු විය යුතු බව යි.

ඒ අනුව නුදුරු කාලයේදී මහමැතිවරණයක් පැවැත්වීමේ විශාල ඉඩකඩක් පවතින බව පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.