දේශපාලන

දිනපු ආසන ගණන සහ දිස්ත්‍රික් ගණන ඇතුලත් අවසන් ජන්ද ප්‍රතිඵලය මෙන්න – Breaking News

මේ වන විට ජන්ද ප්‍රතිඵල තරමක් ප්‍රමාද වීම නිසා සැවොම දැඩි ලෙස කුතුහලයකින් පසුවන මොහොතක ජන්ද ප්‍රතිපල විස්තර ඇතුලත් සටහනක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වේ.එම සටහන තබා ඇත්තේ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතායි.එම සටහන පහතින් නරඹන්න.යාලුවන්ටත් බලන්න Share කරන්න

Loading...

අවසන් ප්‍ර‍තිඑලය මෙන්න – අගති විරහිතයි.
( ජනමාධ්‍ය මගින් විකාශනය නොවන නිසා පමණක් ලියා තබමි)

පලාත් පාලන චන්ද විමසිම් ඉතිහාසයේ බලයේ සිටින අතර දේශපාලන පක්ෂයක් ලැබූ දැවැන්තම පරාජය ඊයේ මැතිවරණයෙන් එජාප – ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවට උරුම වී ඇත.කොළඹ, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, හැටන්, හම්බන්තොට, බදුල්ල, වත්තල, මීගමුව, පානදුර යන නගර සභා ද, බදුල්ල, කුලියාපිටිය, පස්සර, ප්‍රාදේශීය සභා එජාපයට හිමිවී ඇත.

තිරප්පනේ, මහරගම, මහියංගනය, ජය ගෙන ඇත්තේ පොහොට්ටුවේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම් ය.පොහොට්ටුව හා ශ්‍රීලනිප එක්ව බණ්ඩාරවෙලට නගර සභාවට ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම ද ජයගෙන ඇත. අනුරාධපුර, පුත්තලම, ගම්පහ, කෑගල්ල, රත්නපුර, මොණරාගල, ගාල්ල, කුරුණෑගල, මාතර දිස්ත්‍රික්ක මුළුමනින්ම පොහොට්ටුව විසින් ජය ගෙන ඇත.

Loading...

මාතලේ නගර සභාව හැර අන් සියලු ආයතන පොහොට්ටුව දිනා ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල හා මීගමුව නගර සභා හැර අන් සියල්ල පොහොට්ටුව දිනා ඇත. කළුතර දිස්ත්‍රික්යේ පානදුර නගර සභාව හැර අන් සියල්ල දිනා ඇත්තේ ද, පොහොට්ටුවයි.ශ්‍රීලනිප ට පෙළොන්නරුව නගර සභාව, පොළොන්නරුව (තමන්කඩුව ප්‍රා.ස.,) අක්කරේපත්තු (අශ්වයා) යන ආයතන හි ජයග්‍ර‍හණය හිමිවී ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන ජයගෙන ඇත්තේ දෙමළ ජාතික සන්ධානය යි.මුතූර් ප්‍රා.ස. මුස්ලිම් කොන්ග්‍ර‍සය විසින් ජයගෙන ඇත.
අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම සිංහල කොට්ඨාශ පොහොට්ටුව ජයගෙන ඇත.ජනාධිපතිවරයා නියෝජනය කරන පෙළොන්නරුව නගර සභාව හා ප්‍රාදේශීය සභාව හැර අන් සියල්ල පොහොට්ටුව ජය ගෙන ඇත.

{තහවුරු කර නොමැති නමුත්, //මේ අනුව, අප වෙත ලැබී ඇති කොට්ඨාශ ප්‍ර‍තිඑල අනුව එජාපයට ජය ගත හැකි උපරිම පළාත් පාලන ආයතන සංඛ්‍යාව 20 කට මදක් අඩු හෝ වැඩි වනු ඇත. ද්‍ර‍විඩ ජාතික සන්ධානය ආයතන 30 කට ආසන්න සංඛ්‍යාවක් දිනා ගනු ඇත. ස්වාධීන කණ්ඩායම් හා මුස්ලිම් කණ්ඩායම් 20 ට ආසන්න ආයතන සංඛ්‍යාවක් ද, පොහොට්ටුව පළාත් පාලන ආයතන 260-270 ට ආසන්න ප්‍ර‍මාණයක් ද ජයගනු ඇතැයි අනුමාන කෙරේ. }//

(මතු සම්බන්ධයි – යාවත් කාලීන කරමි)

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

Related Posts