දැන් පාන්දර 3.30යි, අසාධ්‍යව නි.ඇමති පාලිත තෙවරප්පෙරුම තවමත් මහ පාරේ

1504

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා අද දිනයේ බුලත්සිංහල පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.මැතිවරණ නීතිය අනුව විරෝධතා පැවැත්වීම තහනම් බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියද ඇමතිවරයා කියා සිටියේ තමන් දිගටම විරෝධතාවයේ යෙදෙන බවත් වෙඩි කන්න බලාගෙන පැමිණි නිසා තමනට වෙඩි තබන ලෙසත්ය.

පෙට‍්‍රල් බෝතලයක්ද අතේ තබාගෙන නියෝජ්‍ය ඇමතිවරයා සිය දිවි නසා ගන්නා බවටද ප‍්‍රසිද්ධියේ තර්ජනය කලේය.ඔහු මෙසේ විරෝධතාවයේ යෙදුනේ එම ප‍්‍රදේශයෙන් මැතිවරණය සදහා තරග වදින එජාප අපේක්‍ෂකයෙකුට පහර දුන්නේ යයි චෝදනා එල්ල වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමිනි.

මෙම පහරදීම පිලිබදව නියෝජය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා තම මුහුණු පොතේ පලකල අදහස් , ජායාරූප සහ වීඩියෝව පහතින් නරඹන්න

පහරදීමට පැය 24යි මැරවරයා තවමත් නිදැල්ලේ අත්අඩංගුවට ගන්න තෙක් නි:ඇමති තෙවරප්පෙරුම පාරේ 
වෙලාව මධ්‍යම රාත්‍රි 11 මැරවරයාගේ පහර දීම සිදු වී පැය 24 ගත වුවද තවමත් ඔහු අත්අඩංගුවට ගැනීමට බුලත්සිංහල පොලිසියට නොහැකි වී ඇත.

“නිතිය නවන බුලත්සිංහල පොලිසියට එරෙහිව තෙවරප්පෙරුම තවමත් ජනතාව සමග උත්ගොෂණයේ ”

එදා රාජපක්ෂ යුගයේ නම් දරාපු අපරාධකාරෙක් ව වතු ජනතාව බිය වද්දමින් මැර කම රජ කරවමින් මෛත්‍රිපාල සිරිසේන වත්මන් ජනපතිතුමන්ගේ පොදු අපේක්ෂක කාර්යාල ගිනිබත් කරමින් කළු තෙල් ගසමින් බුලත්සිංහල ආසනය පුරාම මෑර කම රජ කරවූ “ජේ රාජ්” නම් දුෂකයාව ,අද එක්සත් ජනතා නිදහස් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයකු ලෙස පත් කරගෙන සිටින්නේ එදා යහපාලනය රටේ ස්ථාපිත කිරීමට ඇප කැප වූ ජනවාරි 8 පුරවැසියන්ගේ විජයග්‍රහණය පාවාදෙමින් නොවේද ?
මෙවර පාලාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් පක්ෂ බුලත්සිංහල ආසන සංවිධායක තුසිත කුලරත්න විසින් “ජේරාජ්” නම් මැරවරයා සුපිරිසිදු ඇයි කියා ගන්නා අත/බුලත්කොලය ලකුණ යටතේ තරග කරන්නට සිය ඔඩොකුවට දාගන්නට වුයේ ජනාධිපතිවරණ සමයේ මැර කම් කරමින් සිය කාර්යාලය ගිනිබත් කරවූ අළු ,උඩිනි.
මෙවර මැතිවරණයේ චන්ද ප්‍රචාරන කටයුතු අවසානවුයේ පසුගිය 7 වෙනිදා මධ්‍යම රාත්‍රියේ පටන්ය. ඊයේ දිනයේදී ඉහත කී එක්සත් ජනතා නිදහස් පක්ෂ අපේක්ෂක “ජේරාජ් ” විසින් බුලත්සිංහල වතුකරය පුරා විකෘර්ති කරන ලද චන්ද පත්‍රිකා බෙදමින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් බිය වද්දමින් සිය සුපුරුදු මැර බලය යොදමින් ඊයේ රාත්‍රියේ අපේක්ෂකයන්ට හා එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන්ට පහරදෙන්නට වූ අතර මේ සිද්ධියෙන් බර පතල තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවෙකු මේ වන විටත් රෝහල් ගත කරනු ලැබ ඇත.
ඇතිවූ සිද්ධිය පදනම් කරගෙන ඊයේ රාත්‍රියේදී බුලත්සිංහල පොලිස් ස්ථානයට පැමිණිලි කරනු ලැබු අතර, පහර කෑමට ලක් වුවන් මේ වන විටත් ආසාධයව රෝහල් ගතව ඇත ත්,” ජේරාජ්” එකී මැරවරයා මේවන තෙක් බුලත්සිංහල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර නැත.
සාධාරණ සමාජයක් මැතිවරණ ක්‍රමයක් යහපාලනයක් තුල ක්‍රියාත්මක මේ වැනි වකවානුවක නැවතත් රටේ නිතිය දුෂණය කරමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව ස්වාධින පොලිස් කොමිසම හැල්ලුවට ලක්කරමින් දුෂිතයන්ට මැරවරුන්ට නිදහසේ හැසිරෙන්න බුලත්සිංහල පොලිසිය ඉඩ ප්‍රස්ථා සපයන්නේ මැර කමට අතකොළුවක් ලෙසය.
සිද්ධිය සිදුවී මෙතෙක් අත්අඩංගුවට නොගත් “ජේරාජ්” නම් වත්මන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පක්ෂය යටතේ තරගවදින මැරවරයා වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් නි:අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු ප්‍රදේශවාසීන් මේ වනවිටත් බුලත්සිංහල පොලිසිය ඉදිරිපිට උද්ගෝෂණයක නිරතවෙමින් සිටි.

Posted by Lahiru Thewarapperuma on Friday, February 9, 2018