පුට් බයිසිකලයක්වත් නොතිබුන බදුර්දීන් අද කෝටිපතියෙක් – බුරුවා කියලා උපහැරනයකුත් ගෙන ගාල්ලේදී මෛත්‍රී දෙහි කපයි

738

පුට් බයිසිකලයක්වත් නොතිබුන රිෂාඩ් බදුර්දීන් අද කෝටිපතියෙක් බවට පත්වෙලා මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර ගැටළු ඇතිවන පරිදි පරිසරයක් නිර්මාණය කරලා ඒ තුල මුදල් උපයන්නෙක් බවට පත් වී ඇති බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියි.

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ 30 වැනිදා ගාල්ල මිලන්දුව ප්‍රදේශයේ පැවති එම පක්ෂයේ ජනහමුවකදීය.එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා මුලතිව් දිස්ත්‍රික්කයේ අක්කර 1000 ක් ඉල්ලලා ලියුමක් යවලා ආණ්ඩුකරාවරයාට. යුද්ධයෙන් අනාථ වුනු මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගේ පවුල් වලට ගෙවල් හදන්න. යුද්ධයෙන් අනාථ වුනු මිනිස්සුන්ට ගෙවල් හැදීමට අපි විරුද්ධ නෑ ඒක විය යුතුයි. නමුත් ඒක කරන්න රටේ අමාත්‍යවරයෙක් ඉන්නවා. අමාත්‍යංශයක් තියෙනවා පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ කියලා.

ඒ අමාත්‍යවරයා ඉද්දි කර්මාන්ත ඇමති කොහොමද අවතැන් වුවන්ට ගෙවල් හදන්නේ. මේවට කියන්නේ ගමේ භාෂාවෙන් බල්ලාගේ වැඩේ බූරුවා කරන්න යනවා කියලා. රිෂාඩ් අමාත්‍යවරයා ඒ පාඩම ඉගෙන ගත යුතුයි. රිෂාඩ් ඇමතිට නැවත පදිංචි කිරීමේ ඇමතිකම දුන්නේ කවුද?

රිෂාඩ් අමාත්‍යවරයා මේ කරන්නේ විගණකාධිපතිවරයා ඉදිරිපත් කරපු වාර්තාවට අභියෝගයක්ද කියලා අපිට හැගෙනවා. විල්පත්තු රක්ෂිතය කපා මිනිසුන් පදිංචි කිරීම පිළිබඳ විගණකාධිපති වාර්තාව රිෂාඩ් අමාත්‍යවරයාට චෝදනා කරලා තියෙද්දි තමයි උතුරේ ඉඩම් අක්කර 1000 කුත් ඉල්ලන්නේ. අමාත්‍ය මණ්ඩලය තුල ඉන්න පිස්සු බල්ලන් බැදලා දාන එක ජනාධිපතිවරයාගේ වගකීමක්.

පුට් බයිසිකලයක්වත් නොතිබුන රිෂාඩ් බදුර්දීන් අද කෝටිපතියෙක් බවට පත්වෙලා මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර ගැටළු ඇතිවන පරිදි පරිසරයක් නිර්මාණය කරලා ඒ තුල මුදල් උපයන්නෙක් බවට පත්වෙලා. මේ රටේ ජාතික සමගිය ඇතිකරන්න කටයුතු කරපු මුස්ලිමි නායකයෝ හිටියා. අබුසාලි, බාකීර් මාකර් වගේ අය ඒඅතර හිටියා. බහුතර සිංහල ජනතාව අතරින් ඒ අය පත්වුණේ සහෝදරත්වයෙන් කටයුතු කරලා.”

“මෑත භාගයේ මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර ගැටුම් ඇතිකිරීමේ මූලිකයා වුනේ රිෂාඩ් අමාත්‍යවරයාය. මහින්ද රාජපක්ෂ පාලන කාලෙත් මොහු ආරක්ෂා වුණා. දැනුත් ආරක්ෂා වෙනවා. සාමාන්‍ය පුරවැසියෙක් අනවසරයෙන් තමන්ගේ වත්තේ තමන්ට අයිති ගහක් බලපත්‍ර නැතුව කැපුවොත් හිරේ යනවා. එත් වනාන්තරයක් කපපු ඇමතිට නීතිය ක්‍රියාත්මක නෑ.

මේ රටේ ජාතිවාදී නැඹුරුව සහිත දේශපාලන පක්ෂ හැමදාම කලේ ජාතිය ඉස්සරහට දාගෙන තමන්ගේ බඩ වඩා ගැනීම. පාපැදියක් වත් නැතිව දේශපාලනයට ආපු බදුර්දීන් අද ප්‍රකෝටිපතියෙක් වෙලා. මේ සල්ලි කොහොමද හම්බ වුනේ කියලා හොයලා නෑ. අපි ජනාධිපතිවරයාට කියනවා විල්ල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන්න.

නේටෝ ජනාධිපති කෙනෙක් වගේ හැසිරෙන්න එපා. නෝ ඇක්ෂන්, ටෝක් ඔන්ලි දේශපාලනයට තිත තියන්න. කැලෑ කපපු, ජනතා මුදල් හොරා කාපු අයට කඩුව, මඩුවල්ගය අතට ගන්න දැන් කාලය ඇවිල්ලා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.