විදුහල්පතිනිය දණගැස්වූ ඌව මහඇමති භික්ෂුවකට පහරදෙයි – Video

626

විදුහල්පතිනියක් දණ ගැස්වූ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හිමි නමකට තර්ජනය කොට පහරදීමට උත්සාහ දරන වීඩියෝ පටයක් සමාජජාල වෙත එක් වී තිබෙනවා.එහිදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභා ගොඩනැගිල්ල තුළ දී අදාළ හිමිනමට බැන වැදී පහරදීමටයි තැත් කර ඇත්තේ.

මීට මාස දෙකකට පමණ පෙර රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හමුවීම සඳහා පළාත් සභා පරිශ්‍රය තුළට පැමිණ තිබෙනවා.එහිදී එම පිරිසට සාකච්ඡාවක් සඳහා පළාත් සභා ගොඩනැගිල්ල තුළට පැමිණි අවස්ථාවේදී තමන්ට මෙලෙස පහරදීමට උත්සාහ දැරූ බවයි එම සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සඳහන් කළේ මෙම සිදුවීම පැරණි එකක් වන අතර, තමන් එම අවස්ථාවේදී හිමි නමට පහරදීමක් සිදුනොකළ බවයි.

විඩියෝව පහතින් නරඹන්න

මහ ඇමති චාමර සම්පත් හිමිනමකට පහර දේ

පසුගියදා මහත් ආන්දෝලනයකට ලක්වූ බදුල්ලේ විදුහල්පතිනියක් දන ගස්සවා වැන්දා ගත් චාමර සම්පත් නමැති මහ ඇමතියා හිමිනමකට පහරදෙන වීඩියෝවක් අපට ලැබී තිබේ.මෙලෙස රටේ සාමාන්‍ය ජනතාවට පහර දෙන, රටේ මිනිසුන්ට තර්ජනය කරන මහ ඇමති නරුමයන් බෙල්ලෙන් අල්ලා එලියට දැමිය යුතු කාලය එළඹ ඇතැයි අප Leaks LK කණ්ඩායම අවධාරණය කරමු. මෙවැනි අඳබාලයන් බලයට පත්නොකිරීමට වග බලාගැනීම ජනතාව සතු යුතුකමකි. කතෘ සටහන:බදුල්ල ජනතාවනි, පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකරයි නම්, මෙවැනි පාදඩ දේශපාලකයන්ට ඔබ පිළිතුරක් ලබාදිය යුතුය. ජන බලයට ඕනෑම බලයක් යට බව සිහිතබාගන්න.

Posted by Leaks LK on Saturday, February 3, 2018