බැඳුම්කර හොරු අත්අඩංගුවේ – ඇලෝසියස්ගේ බිරිඳගෙන් මාධ්‍යවේදීයෙකුට ප්‍රහාරයක්

842

බැඳුම්කර වංචාවට අදාලව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ.

රහස් පොලිසිය ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගත්තේ ඒ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී ය. අත්අඩංගුවට ගත් සැකකරුවෝ ප්‍රකාශ ලබා ගැනීම සඳහා කොළඹ රහස් පොලිස් මූලස්ථානයට රැගෙන එනු ලැබූහ.බැඳුම්කර වංචාවට අදාලව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සැකකරුවන් බවට නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ ජීවත් වන අතර ලබන 15 වැනිදාට පෙර රහස් පොලිසියේ පෙනී සිටින්නැයි සිංගප්පූරුවේ අන්තර් ජාතික පොලිසිය හරහා මහේන්ද්‍රන් මහතාට නොතීසි යවන ලෙස අධිකරණය නියෝග කළේය.

ඇලෝසියස් හා පලිසේනගේ නිවාසවලට CIDය කඩා පැන අත්අඩංගුවට ගත්ත හැටි විඩියෝව සහ ඇලෝසියස්ගේ බිරිඳ මාධ්‍යවේදියෙකුගේ කැමරාවට ප්‍රහාරයක් එල්ල කල අයුරු පහතින් නරඹන්න