බෙල්ලන්විල නාහිමියෝ අපවත්වෙති – ඇතා පහරදුන් හැටි හෙළි වෙයි

3657

බෙල්ලන්විල විහාරස්ථානයේ මියන්කුමාර් ඇතාට ආහාර ලබාදීමට යාමේදී ඇතා කළ පහරදීමකින් බරපතල තුවාල ලබා සිටි බෙල්ලන්විල විමලරතන නාහිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී අද (03දා) අපවත්වූහ.

ඇතාට ආහාර ලබාදීමට යාමේදී ඇතා කළ පහරදීමෙන් උන්වහන්සේගේ ඉලඅැටවලට හානි සිදුවිය. උන්වහන්සේ කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ශල්‍යකර්මයකට භාජනය කළහ.

පසුව උන්වහන්නේ පෞද්ගලික රෝහලක් වෙත මාරු කරවිණි. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

අාගමික, සංස්කෘතික, අධ්‍යපනය ආදි ක්ෂේත්‍ර ගණනාවකදී ලක් මාතව වෙනුවෙන් අනූපමේය මෙහෙයක් කළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත්වන විට ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිහිමියන් ලෙසද කටයුතු කළහ.