දරු දුක ගැන ලොවම කතා වූ කිරි අම්මාගේ මව් සෙනෙහස

342

මව් සෙනෙහස තරම් වෙන සෙනෙහසක්‌ ලොව නැත.

මේ ඡායාරූපයෙන් කියෑවෙන්නේ එවන් කතාවකි.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මාර්ගයක ගමන් කරමින් සිටි ගව පැටියෙකු වාහනයක ගැටී බරපතළ තුවාල ලැබීය.

මේ සිද්ධිය දුටු සත්ව අවිහිංසාවාදීහු ගව පැටියාට උපකාර කිරීමට ඉදිරිපත් වුණි.

මේ සිද්ධිය රජයේ පශු සම්පත් කාර්යාලයට දැනුම්දීමට ක්‍රියාකිරීමෙන් පසු එහි සේවකයෝ විගස පැමිණ ගව පැටියා පශු රෝහල වෙත ගෙනයැම සඳහා වාහනයට දමා ගත්හ.

ගව පැටියා රැගත් වාහනය ඉදිරියට ඇදෙන අවස්‌ථාවේ එළදෙන පසුපසින් දිවයන දර්ශනය දුටු සත්ව අවිහිංසාවාදීන්ගෙන් කීප දෙනෙක්‌ හැඬූහ.

ගව පැටියාව පශු රෝහල වෙත ගෙනයන තෙක්‌ මාර්ගයේ දිව ආ එළදෙන අවසානයේ රෝහල සමීපයේ නතර විය.වීඩියෝව සහ ඡායාරූප පහතින් නරඹන්න