සන්ධානයේ කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලි බඩුත් එක්ක මාට්ටු

5434

මෙවර පලාත් පාලන මැතිවරණය සදහා කොළඹ මහ නගර සභා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නගරාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කර සිටින අසාද් සාලි මහතා විසින් නීති විරෝධී භාණ්ඩ බෙදා දීමක් පොලීසිය විසින් හෙලි කරගෙන ඇත.

සිය ඡුන්ද බල ප‍්‍රදේශය තුල ඔහු විසින් මුලින් කූපන් පත් බෙදා ඒවා ලබා දුන් පසු භාණ්ඩ පාර්සල් ලබා දීමට ව්‍යාපාරික ස්ථානයක් සූදානම් කර තිබින.

පොලීසිය විසින් වටලන ලද්දේ එම ස්ථානයයි.

මැතිවරණ සමයේදී අපේක්‍ෂකයන් විසින් භාණ්ඩ බෙදා දීම සැලකෙන්නේ මැතිවරණ අල්ලස් දීමක් ලෙසයි.

සිදුවීමට අදාල වීඩියෝව පහතින් බලන්න.