රට වටේ පුද්ගලයන්ට ලක්‍ෂ ගණනක මුදල් වංචා – දුවට විරුද්ධව අම්මත් පොලිසියේ, අල්ලගන්න උදව් කරන්න

1247

පුද්ගලයන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනක මුදල් වංචාකර පලාගොස්‌ සිටින කාන්තාවක්‌ සම්බන්ධව පෑලියගොඩ පොලිසියට පැමිණිලි ලැබී ඇත.

දළුගම නුවර පාර අංක 125 හි පදිංචි වීරසේකර මුදියන්සේලාගේ රේණුකා දමයන්ති (ජා.හැ.අංක 695992530ඪ) නමැති විවාහක දෙදරු මවක්‌ වන මෙම කාන්තාව ස්‌වයං රැකියා සඳහා වෙළෙඳපොළ පහසුකම් ලබාදෙන බව පවසමින් කාන්තාවන් රවටමින් මුදල් ලබාගෙන ඇතැයි පොලිසියට කළ පැමිණිලිවල සඳහන් වේ.

මේ වන විට රුපියල් ලක්‍ෂ විස්‌සකට ආසන්න මුදලක්‌ මෙම කාන්තාව විසින් වංචා සහගතව ලබාගෙන ඇතැයි පැමිණිලිවල සඳහන්ය.

තම දියණියගේ වංචාවන් පිළිබඳව ඇයගේ මව වන කඩුවෙල ඉහළ බෝමිරියේ පදිංචි මාලනී මහත්මියද පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම කාන්තාව පිළිබඳව තොරතුරු ඇතොත් ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙස වංචාවන්aට හසුවූ කාන්තාවෝ මහජනතාවගෙන් ඉල්ලා සිටිති.