බුකියෙන් රෙදි ගලවපු “දම් රැජින” ගේ අයිතිකරු සියල්ල හෙලි කරයි

3788

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ලෙස සෙසු බස් රථ වලට වඩා පෙනුමෙන් මෙන්ම පහසුකම් වලින්ද වෙනස් බස් රථයක් පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වුණා. “දම් රැජිණ” නමින් හැදින්වෙන මෙම බස් රථය පිටත මෙන්ම ඇතුලද වෙනත් බස් රථයකට වඩා විශේෂ පහසුකම් වලින් යුක්ත වුණා. කෙසේ වෙතත් “දම් රැජිණ” බස් රථයට නියෝග කර තිබෙන අධිකරණ නියෝගයක් පිළිබදව අප හෙළිකල අතර ඉන්පසුව එය සමාජයේ අතිශය කතාබහට ලක්වුණා. ඒ බස් රථයට එක් කර තිබෙන “ඉදිරිපස පිටුපස ස්ටිකර් , ටින්ටඩ්,කන්නාඩ් ආම්,ඇතුලත පිටත ලයිට්,ප්ලග් පොයිට්,ටිව්,කුල් බොක්ස්,වොටර් ඩිස්පෙන්සර් ඇතුලු තවත් දේ” ගලවා නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මේ පිළිබදව විමසීමට අප දම් රැජිණ බස් රථයේ හිමිකරු එස්.පී.ජේ විජේසිංහ සම්බන්ධ කර ගත්තා , එහිදි ඔහු අප සමග කීවේ මෙවැනි කතාවක්.

” අධිකරණ නියෝගයක් ඇවිත් තියෙනවා බස් එකේ ෆෝන් චාර්ජර් , ඩිස්පෙන්සර් වගේ දේවල් ඉවත් කරන්න , මේක කරන්න අපිට මාස දෙකක කාලයක් දීලා තියෙනවා, අපි රටේ නිතීයට ගරු කරන මිනිස්සු හැටියට අපි උසාවි නියෝගය පිළිගන්නවා , මේ රටේ නිතීයෙ හැටියට බස් එකක් දුවන්න ඕන එන විදියටමයි , අමතර දේවල් එක්කරන්න මොඩිෆයි කරන්න තහනම්”

” බස් එක මොඩිෆයි කරලා පහසුකම් එකතු කරන්න ලක්ෂ 18ක් විතර වියදම් වුණා. ඒ සල්ලි මගේ අතින් දරා ගත්තා, කිසිම වෙලාවක මගීන් ගෙන් සාමාන්‍ය ගමන් ගාස්තුවට වඩා රුපියලක්වත් වැඩිපුර ගත්තේ නෑ, කොළඹ ඉදන් එද්දි බැස්ටියන් මාවතෙන් එළියට එද්දි කෙසෙල්වත්ත පොලිසීයෙන් බස් එක අල්ලලා මේවා ගලවන්න කියලා උසාවියට දාලා තිබුණා”

” අපිට ලැබුණු තීරණය රටේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා , බස් එකේ යන මගීන් විතරක් නෙවෙයි රටේම මිනිස්සු අපි වෙනුවෙන් කතා කරලා තිබුණා, නමුත් අපි මේ තීරණය පිළිගන්නවා , ලගදීම බස් එකෙ හැමදෙයක්ම ගලවලා අපි බස් එක උසාවියට දානවා. අපි වෙනුවෙන් කතා කරපු හැමෝටම ස්තුතියි”

 




One thought on “බුකියෙන් රෙදි ගලවපු “දම් රැජින” ගේ අයිතිකරු සියල්ල හෙලි කරයි

  1. Janaka

    Unp anduwa awa vitarai police UN Ida get a Etta ekai netnam oya wage weda karaida ..ars kele katana ewata ganakwat ne.Ekai dham rajinita Meehan Kare..wenasa Sepa Eti..10 wenidata passe dham rejini parata damu 🌷🌷🌷🌷🌷

Comments are closed.