කොළඹ නගරාධිපති ධුර අපේකෂිකා රෝසි සේනානායක හදිසි අනතුරක

876

මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතරතුර වැල්ලවත්ත කෝකිලාපුරදී හදිසි අනතුරකට ලක් වූ හිටපු ඇමැති රෝසි සේනානායක මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇතැයි ආරංචි මාර්ග කියයි.එක්සත්  ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති ධුර අපේකෂිකාව රෝසි සේනානායක මහත්මියයි.අනතුරෙන් ඇගේ පාදයේ සුළු ආබාධයක් ඇති වී ඇතැයි දැනගන්නට තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන රජයේ හිටපු ළමා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරිය වේ. ඇය මලයාසියාව වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු මහ කොමසාරිස්වරිය ලෙසද සේවය කොට තිබේ.එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙලේ කාන්තා නායිකාව වන්නේද නගරාධිපති ධුර අපේකෂිකා රෝසි සේනානායක මහත්මියයි.