ක්‍රිඩා පුවත්

තරඟය අවසානයේ නායක චන්දි ඇතුලු අපේ සිංහ පැටවුන් එක පවුලක් වගේ ජයග්‍රහනය සැමරුවේ මෙහෙමයි – Video

කාලයක් තිස්සේ පැවති ක්‍රිකට් ඉඩෝරය නිමා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලි ජයක් ලබා ගත්තා. මෙම ජයග්‍රහනයට කණ්ඩායමේ එකමුතුකම , නායකත්වය ඉතා ඉහලින් බලපෑ බව විචාරක මතයද වූවා.

Loading...

ඊයේ දින (27) ලබා ගත් තරගාවලි ජයග්‍රහනය ලබා ගැනීමට පෙර තරගයේද ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය පරාජය කළා. එම ජය සැමරීමට සහ කණ්ඩායම අවසන් මහා තරගය සදහා දිරිමත් කිරීමට ශ්‍රී ලංකා නායකයා දිනේෂ් චන්දිමාල් යොදාගෙන තිබුණේ අපූරූ ක්‍රමයක්.

ඒ අවස්ථාවේ විඩීයෝව පහතින්

https://youtu.be/o3VPkZA3rmc

ශ්‍රී ලංකාව , බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් ක්‍රීඩා කළ තුන්කෝන් ක්‍රිකට්‍ තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණා.ඒ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි.තරගයෙන් විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ජය ගැනීමටද සමත් වුනා.මේ ජයත් සමඟ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ලැබූ සතුට ගැන මුහුණුපොතේ හුවමාරු වුණු Postවලින්ම තේරුම් ගන්න පුළුවන්.පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි post කිහිපයක් අපි මෙලෙස ගෙන එන්න හිතුවා.

Loading...

 

Related Posts