හරියටම අදට අවුරුදු විස්සකට කලින් දළදා මාළිගාව ට වෙච්ච දේ

470

අති පූජනීය ශ්‍රී දළදා මාළිගාවට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ලවී අදට (25 දාට) වසර 20 ක්‌ සපිරේ.

සී.4 පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක්‌ රථයක්‌ ලවා මෙම ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල කළේ කොටි සංවිධානයයි.

මෙම කුරිරු ත්‍රස්‌ත ප්‍රහාරයෙන් දෙහැවිරිදි දරුවකු ඇතුළු 16 දෙනකු මරුමුවට පත්වූ අතර 25 කට අධික පිරිසක්‌ තුවාල ලැබූහ.

ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්‌තවාදීන් තිදෙනකුද මරුමුවට පත්වූ අතර දළදා මාළිගාවට බරපතළ හානි සිදුවිය.

මෙම සිද්ධියෙන් පසු රජය නිල වශයෙන් කොටි සංවිධානය තහනම් කරනු ලැබීය.

ත්‍රස්තවාදී කොටි විසින් විනාශ කරන ලද දළදා මාලිගාවේ  ඡායාරූප පහතින් නරඹන්න .