ශ්‍රී ලංකාවට පහසු ජයක් – තරගය අතරතුර ශ්‍රී ලාංකිකයකු අභ්‍යවකාශයට

1849

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර අද පැවැති තරගයේ  කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 82කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. සුරංග ලක්මාල් කඩුලු 3ක් දවා ගත් අතර ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර හා තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවාගත්හ.බංග්ලාදේශ ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව මුෂ්ෆිකාර් රහීම් (26) වාර්තා කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11.5කදී ලංකාව කඩුලු 10ක ජයක් ලබමින්  ඉලක්කය පසුකර ගියේය. ධනුෂ්ක ගුණතිලක (35*) හා උපුල් තරංග (37*) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. අවසන් මහ තරගය සෙනසුරාදා (27දා) පැවැත්වීමට නියමිතය.

අද තරගය පිළිබඳව සමාජ ජාල වෙබ්  අඩවි වල පළ වු අදහස් පහතින් නරඹන්න.