අද එක ට්‍රයල් මැච් එකක්ලු – මෙන්න හතුරුසිංහගේ මංගල තරඟයේ හොඳම කථා ටික

2191

බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (17 වැනිදා) සමත්විය. ජයග්‍රහණය සදහා ලකුණු 291 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට ඕවර 48.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 278 ක් පමණි.

කුසල් පෙරේරා සමගින් පළමු කඩුල්ල සදහා ලකුණු 46 ක සම්බන්ධතාවයක් පැවැත්වූ උපුල් තරංග ලකුණු 11 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල ලෙස ලකුණු නොලබාම දැවි යනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 47 ක් ලෙස දිස්විය.

ආරම්භයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුවද පසුව කඩුල්ල ආරක්ෂා කරගනිමින් තැන්පත් පිතිහරඹයක නිරතවු කුසල් පෙරේරා ලකුණු 80 ක් රැස්කර සිටියදි බ්ලෙසින් මුසරබානි වෙත ලබාදුන් උඩපන්දුව රැකගැනිම හේතුවෙන් ඔහුගේ ඉනිම අවසන්විය. සිය 9 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් කුසල් පෙරේරා පන්දු 83 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

මේ විදියට අද තරඟය අවසන් වුනත් වෙනදා වගේම අදත් සමාජ ජාල මාධ්‍ය වල නොයෙක් කතා,අදහස් හුවමාරු වුනා,”හොදම ගොසිප්” පාඨකයන්ගේ රසවින්දනය උදෙසා තෝරාගත් කීපයක් මෙසේ පහතින් ගෙන එන්නෙමු