Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

නට නටමින් අගමැති තුමා කිව්ව කතාව ප්‍රථම වරට ප්‍රවීන රංග ශිල්පී අයිරාංගනී සේරසිංහ හෙළිකරයි

795

අයිරාංගනී සේරසිංහ අපට සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනිය. වේදිකාවෙන් සිනමාවට ආ ඕ ඉන්පසු පුංචි තිරයට පා තැබුවා. මේ මාධ්‍ය තුනෙන්ම ඉහළ ජනප්‍රියත්වයක්‌ ලබා සිටින අයිරාංගනී සේරසිංහ මේ දිනවල වඩාත් ජනප්‍රියත්වයට පත් චරිතයක්‌ වී හමාරයි. ඒ අන්තර්ජාලය හරහා හුවමාරු වන එක්‌තරා වීඩියෝවක්‌ නිසා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අයිරාංගනී සේරසිංහ මහත්මිය සමඟ නර්තනයේ යෙදෙන මෙම වීඩියෝව අන්තර්ජාලය ඔස්‌සේ ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී හමාරය. අගමැතිවරයා නර්තනයේ යෙදෙන මෙම අවස්‌ථාව ඉතා දුලබ දසුනක්‌. අප මේ පිළිබඳ අයිරාංගනී සේරසිංහ ප්‍රවීණ ශිල්පිනියගෙන් විමසා සිටියා.

Loading...

ඔබතුමිය ළඟදී උත්සව සාදයකට ගියාද?
ඔව් ඉතින් ඒ වගේ උත්සවවලට ආරාධනා ලැබෙනවනේ.නෑ…

මම මේ අහන්නේ ඓතිහාසික රංගනයක යෙදුනු උත්සවයක්‌ ගැන…
ඇය හඬනඟා සිනාසේ… මම දන්නවා ඔයා අහන්නේ මොකක්‌ ගැන ද කියලා…

ඔව්… අගමැතිතුමා සමඟ නටපු එක ගැන…
ඒක මේ සිකුරාදා මගේ නෑ ළමයකුගේ විවාහ උත්සවයක්‌.

අගමැතිතුමාටත් ආරාධනා ලැබුණද?
ඔව්… ඒ ගෑනු ළමයා මගේත් නෑයෙක්‌. අගමැතිතුමාගේත් නෑයෙක්‌.

එයාලා කසාද බැන්දා… අපිටත් ආරාධනා කළා.
අගමැතිතුමා ඔබේ කිට්‌ටු නෑයෙක්‌ද?
ඔව්… ඔව්. කිට්‌ටුම නෑයෙක්‌.

කොහොමද නෑකම හැදෙන්නේ.
මගේ නැන්දගේ මුණුපුරා ඒ කියන්නේ මගේ තාත්තගේ නංගිගේ මුණුපුරා.

එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔබේ කවුද?
මගේ පුතෙක්‌ වෙනවනේ. මගේ බෑණා කෙනෙක්‌ තමයි අගමැතිතුමා

කිට්‌ටු ආශ්‍රයක්‌ තියෙනවද?
ඔව්… පුංචි කාලේ ඉඳලාම අපි හඳුනනවා. නිතර හමුවෙනවා. ඒත් දේශපාලන අදහස්‌ ගැන අපි කතා කරන්නේ නෑ.. නෑයෝ වුණත් ඒ ගැන වාද විවාද කරන්න යන්නේ නෑ.

අගමැතිතුමා එදා හරිම විනෝදෙන් නේද හිටියෙ?
හපොයි ඔව්.. එදා හරි හොඳට හැම දෙනා එක්‌කම හරිම සුහදශීලී විදිහට කතා බහ කරමින් හිටියා.

නැටුම ආරම්භ වුණේ කොහොමද?
අපේ මේ ගෑනු ළමයා බැන්දේ අයර්ලන්ත ජාතිකයෙක්‌. එදා උත්සවයට සුද්දො හුඟ දෙනෙක්‌ ඇවිත් හිටියා. බෑන්ඩ් එක ගහන්න පටන් ගත්තා. එතන හිටපු සුදු ජාතිකයන් අපි හැම කෙනකුටම ආරාධනා කළා නටන්න එන්න කියලා.

ඔබත් ආරාධනාව භාර ගත්තා.
(සිනාසෙයි) ඔව්. අපි ඔක්‌කොම එකට නැටුවා. අගමැතිතුමාත් නැටුවා. හරිම විනෝදයි. ඒ වගේ වෙලාවක ඉතින් ඒ වගේ විනෝද වෙන්න එපායෑ. ඒකෙ වරදක්‌ නැහැනේ නේද? 

මීට කලිනුත් අගමැතිතුමා එක්‌ක ඔය වගේ නටලා තියෙනවද?
නෑ… අපි එකට හැදුනේ. මඟුල් ගෙවල්වල, දානේ ගෙවල්වල අපි එකතුවෙනවා. ඒත් මේ වගේ විනෝද වෙලා නෑ.

අගමැතිතුමා ඔබතුමිය සමඟ නටන ගමන් මොනවද කිව්වේ?
මට වඩා හොඳට ඔයා නටනවනේ කියලා එයා මට කිව්වා. (යළි සිනාසේ)

ඔබත් හොඳ විවේක සුවයෙන් වගේ ඉන්නේ?
ඔව්. මේ දවස්‌වල රූගත කිරීම් නෑනේ.

ඇයි ටෙලි නාට්‍ය, චිත්‍රපටවලට ආරාධනා නැද්ද?
නැහැ. අලුත් ඒවාට ආරාධනා නෑ.

ඇයි නිර්මාණ භාර ගන්නෙ නැද්ද?
හොඳ චරිතයක්‌ ආවොත් භාර ගන්නවා. කලින් කළ ඒවාත් ගොඩක්‌ තියෙනවනේ පෙන්වන්න…