මේ සතිය ඔබට සුබ වෙන්නේ මෙහෙමයි (ජන 15 – ජන 21)

835

මේෂ – බාධා ඇති වේ 
සෙනසුරුගේ ගමන තුළ බාධා අවහිරතා ඇති කළත් ගුරුගේ ගමන යහපත් නිසා බාධා අවහිරතා මධ්‍යයේ වුවද තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක කරගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ද ක්‍රමයෙන් යහපත් තත්ත්වයක් උදාකර ගනී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නෙවේ. ආදායම් ලැබුණද වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් අසීරු වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය, සාමයට එතරම්ම බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් ප්‍රවේශම් විය යුත්තේය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ආගමික අංශයට සහ සමාජයීය කටයුතුවලට නැඹුරු වීම තුළ සාර්ථක ප්‍රතිඵල උදා කර ගනී.ජය වර්ණය : රතු, ජය අංකය : 09

වෘෂභ – අලාභහානි වේ 
ඥාති මිත්‍රාදීන් සමග ආරවුල් මතු කරනු ඇත. විටෙක නපුරු ගති ඉස්මතු විය හැක. හවුල් කටයුතුවලදී තමාගේ කටයුතුවලට විටින් විට බාධා අවහිරතා ඉස්මතු වන ඇත. ඉතාමත් බුද්ධිමත්වද, විමසිලිමත්වද ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල උදාකරයි. වෘත්තීය කටයුතුවලදී වාද විවාද සහිතයි. කෙසේද වුවත් කරදර මධ්‍යයේම සැපක්ද ලැබේ. අස්ථාන චෝදනාවලට ඉඩ පවතී. මිල මුදල් ලැබිම අතින් අයහපත් නොවේ. පවු‍ලේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුයි. කෙසේද වුවත් යම් යම් කටයුතුවලදී ශරීර මහන්සිය ඇඟට තෙහෙට්ටුව ඇති වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු කිරීමට අවස්ථාව සැලසේ. තමාගේ සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.ජය වර්ණය : නිල්, ජය අංකය :06

මිථුන – ප්‍රේම සම්බන්ධතා 
විටෙක තරමක් තද ලෙස කේන්ති යයි. වචන පාවිච්චියේ දී සැලකිලිමත් නොවුවහොත් ආකූලතා, ව්‍යාකූලතා ඉස්මතු කළ හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී බාධා ඉස්මතු කළත් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. මිල මුදල් ලැබිම අතින් ශුභදායක වේ. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. ගෙදරදොර කටයුතු කරගෙන යාමේදී සමගිය, සාමයට බාධා එල්ල වන නිසා ඉවසීමෙන්ද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා, ව්‍යාකූලතා ඉස්මතු කළ හැක. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ.ජය වර්ණය : කොළ, ජය අංකය :05

කටක – වියදම් අධික වේ 
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා ඉස්මතු විය හැක. එම නිසා ඉතාමත් ඉවසීමෙන්ද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. ගමන් බිමන් ද අධික වේ. මිල මුදල් ලැබිම අතින් අයහපත් නොවේ. තමාගේ වියදමට සරිලන ආදායම් ලබයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් වන්න. ගෙදරදොර කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් විමසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. උෂ්ණාධික උදරාශ්‍රිත රෝග බලපායි.ජය වර්ණය :ක්‍රීම් පාට, ජය අංකය :02

සිංහ – උසස් අයගේ ඇසුර 
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී යහපත් ප්‍රතිඵල ලබයි. උසස් නිලධාරින්ගේ ඇසුර ලබයි. මිල මුදල් ලැබිම අතින් යහපත්ය. ලාභ ප්‍රයෝජන අත්පත් වේ. ගෙදරදොර කටයුතුවලදී ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයක්ද වේ. සමගිය, සාමය සුරක්ෂිත වේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. උත්සවවලට ප්‍රිය සම්භාෂණවලට සහභාගි වේ. ප්‍රධානීන්ගේ සැලකිල්ලට ලක් වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි.දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.ජය වර්ණය : රතු, ජය අංකය : 01

කන්‍යා – බලා‍පොරොත්තු ඉටුවේ 
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී උසස් අයගේ ආධාරය, උපකාරය ලැබිම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. බලා‍පොරොත්තු කිහිපයක්ම ඉෂ්ට සිද්ධ වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදා වේ. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසු වන්න.අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. ආගමික අංශයට නැඹුරු වන්න.ජය වර්ණය : කොළ, ජය අංකය : 05

තුලා – මිශ්‍රපලයි 
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. ලාභ ප්‍රයෝජන ලැබේ. ආදායම් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ඉවසිලිමත් විය යුතුයි. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිද්ධ වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. සමගිය සාමයට බාධා එල්ල නොවේ. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. ආගමික සහ සමාජයීය කටයුතුවලට සිත ඇදීයයි. ඒ තුළින් සහනයක්, සැනසීමක් ලබයි.ජය වර්ණය : නිල්, ජය අංකය :06

වෘශ්චික – ලාභ අඩුයි 
ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ පමණක් වෘත්තීය සහ රැකරක්ෂා කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. මහන්සියෙන් කරන වැඩවලින් ලාභද, උසස් අයගෙන් ආධාරය, උපකාරය ලැබිමද සිදු වේ. කෙසේද වුවත් ‍පොදු වශයෙන් මිල මුදල් ලැබිම එතරම්ම ශුභදායක නොවේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් වියදම් කිරීමට කටයුතු සැලසේ. ගෙදරදොර කටයුතුවලදී තරමක් ඉවසිලිමත්වද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සමගියට, සාමයට බාධා අවහිරතා එල්ල වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන අංශයේ නියුක්ත අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.ජය වර්ණය : රතු, ජය අංකය :09

ධනු – අන්‍ය උපකාර 
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී යම් යම් බාධා අවහිරතා, ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කළ හැකි නමුත් අන්‍යයන්ගේ ආධාරයද, උපකාරයද ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කරගත හැක. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී නම් භාරගෙන කරන කටයුතු වෙනස්වීම රැවටීම්, වංචා ප්‍රයෝගවලට අසුවීම තුළ මිල මුදල් නාස්තිවීම් යනාදියට ඉඩ පවතින නිසා ඉතාමත් කල්පනාකාරීවිය යුතුයි. ගෙදරදොර කටයුතුවලදී තරමක් ඉවසිලිමත් විය යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායකයි. උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. උණුවතුරෙන්, විදුලිය, ගෑස් වැනි දේවලින්ද ප්‍රවේශම් විය යුතුයි.ජය වර්ණය : රන්වන්, ජය අංකය :03

මකර – අලුත් හැඟීම් ඇති කරයි 
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී පුදුමාකාර අලුත් හැඟීම් මධ්‍යයේ කටයුතු කරයි. විටෙක කරගෙන යන වැඩපිළිවෙළ තරමක් වෙනස් කිරීමට සිදුවනු ඇත. මිල මුදල් ලැබිම අතින් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වඩාත් ශුභදායක වේ. සිතට බර වගකිව යුතු වැඩ කොටසක් පැවරේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. සමගිය, සාමයට එතරම් බාධා එල්ල නොවේ. අමුතු වැඩපිළිවෙළක් සකස් වේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. අමුතු අයගේ ආශ්‍රය ඇති වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට තම කටයුතු සාර්ථක කරගත හැක. ශරීරයෙහි අභ්‍යන්තරික දුර්වලතා තිබුණේ නම් ඒවා ඉස්මතු විය හැක. ප්‍රවේශම් වන්න.ජය වර්ණය : නිල්, ජය අංකය :06

කුම්භ – බාධා පවතී 
කරගෙන යන වැඩපිළිවෙළෙහි වෙනස්කම් ඇති වේ හෝ සිතේ තිබූ අදහස් වෙනස් වේ. ස්ථානගත වෙනස්කම් ද ඇති වේ. අමුතුම වැඩපිළිවෙළක් යටතේ ක්‍රියා කරයි. මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් අයහපත් නොවේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබාගත හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය,සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත් වනු ඇත. ඉගෙනීම් කරන අයට ශුභදායක ප්‍රතිඵල ලැබේ. අලුත් විෂයයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වේ. කෙසේද වුවත් ශරීර සනීපයට එතරම්ම ශුභදායක නොවේ. ශාරීරික දුර්වලතා විටින් විට ඉස්මතු කළ හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි.ජය වර්ණය : නිල්, ජය අංකය : 08

මීන – මිශ්‍රපලදායකයි 
මිල මුදල් ලැබිම අතින් කිසියම් යහපත් තත්ත්වයක් උදා වුවත් මිල මුදල් හානිවීම්වලට ඉඩ පවතී. තමාට අයත් යම් යම් දේ කැඩීබිඳී යයි. එමගින්ද පාඩු සිදු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුය. වෘත්තීය සහ රැකියා ක්‍ෂේත්‍රයේ දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු වීම තුළ අත්‍යවශ්‍ය කටයුතුවල ප්‍රමාදයන් ඇති කළ හැක. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක බවක් ලැබිය හැක. ශරීර අභ්‍යන්තරික දුර්වලතා පැවතියේ නම් ඒවා ඉස්මතු වීමේ අවකාශයන් ඇති කළ හැකි නිසා ප්‍රවේශම් සහිතව ක්‍රියා කළ යුතුයි.ජය වර්ණ්‍ය : රන්වන්, ජය අංකය :03