නිදහස් පක්ෂ රැළියේ ප්‍රභාකරන් – LTTE ගීතත් වාදනය කරයි – Video

1131

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් පිරිසක් විසින් යාපනයේදී පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකදී LTTE ගීත කීපයක් වාදනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට යාපනය පුරා දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

විමුක්ති කොටි වැනි වදන් පළාත් පාලන මතිවරණයේදී යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයා විශේෂයෙන් උපදෙස් දී තිබියදී යාපනයේ එවැනි තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් යාපනයේ දේශපාලනඥයින් කිහිපදෙනෙකුම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථාන වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමක් මෙතෙක් වාර්තා වී නොමැති නමුත් පොලිස් විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

මෙම රැස්වීම සදහා පැමිණ සිටි තරුණයින්ගේ අත්වල තිබූ ජංගම දුරකතනවල ප්‍රභාකරන්ගේ ඡායාරූප තිබූ බවත් LTTE සංවිධානයේ ගීත වාදනය වන අවස්ථාවේදී එම තරුණයින් ජංගම දුරකතන ඔසවමින් සිටි බවත් සිද්ධිය සියැසින් දුටුවෝ පවසනවා.

මේ නිසා මෙය අත්වැරදීමක් නොව සිතාමතාම හා සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බව යාපනයේ ජනතාව කියා සිටිනවා.

වීඩියෝව පහතින් නරඹන්න