ඌවේ මහ ඇමති සමන්ත විද්‍යාරත්නට කිව්ව කුප්ප කතාවට බුකියෙන් දුන්න උත්තරේ මෙන්න

2243

පෙරේදා දිනයේ ඔබ අපි සියළු දෙනාම දැක්කා ලංකාවේ ප්‍රධාන මාර්තෘකාවක් වුනේ විදුහල්පතිනියක් දන ගැස්වූ යයි කියන සිද්ධියක් ගැනයි.ඉතින් මේ ප්‍රශ්නේ ඌව පළාත් සභාවටත් ගියා.ඒ ගැන කතා කලේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නයි.

එහිදී ඔහු චෝදනා කලේ ඌව මහ ඇමති චාමර සම්පත් දසනායකටයි.කෙසේ හෝ අවසානයේ දැඩි වාග් ප්‍රහාරක් වුනා.එහිදී සභාවෙන් නැගිට ගිය මහ ඇමති යන විට සමන්ත මන්ත්‍රීතුමාට කිවේ “අම්මයි අක්කයි හිගා කනවා.අක්කට මැෂිමක් අරන් දෙනවා.” මෙය එක්තරා පෞද්ගලික රුපවාහිනියක ප්‍රධාන පුවත් තුල විකාශය කළා.ඒ ප්‍රකාශය ගැන මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර එසේ එක් කල එක සටහනක් මෙසේ ඔබට අප ගෙන එන්නෙමු.

“අම්මයි අක්කයි හිගා කනවා.අක්කට මැෂිමක් අරන් දෙනවා.”

ඊයේ ඌව පළාතේ මහ ඇමති චාමර සම්පත් දසනායක විසින් පළාත් සභා මන්ත්‍රී ගරු සමන්ත විද්‍යාරත්න මහතාට පැවසුවේ මේ ආකාරයටයි. ඇත්තටම සමන්ත විද්‍යාරත්න කියන්නේ කවුද? එතුමා බදුල්ල දිස්ත්‍රික්කයේ, ඈත රිදීමාලියද්ද ගමේ සාමාන්‍ය පුද්ගලයෙක්. ඔහු ඉතා දුප්පත් පවුලක මිනිසෙකි. ඔහු තමන්ගේ අධ්‍යාපන වියදම් සඳහා අඳෙට කුඹුරු කෙටු අයෙකි. මවත් සමඟ එක වී ගල් වලක ගල් කැඩූ අයෙකි. හේන් රැකි අයෙකි. නමුත් ඔහු බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන කැලණිය සරසවිය තුලින් උපාධියක් ලබා ගත් උගත්, බුද්ධිමත් පුද්ගලයෙකි. ඔහු ගුරුවරයෙකුව සේවය කොට පසුව දේශපාලනයට පිවිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරයකු විය. ඔහු දැනට ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකි. පළාත් සභාවට සිටින එකම උගත්, බුද්ධිමත් පුද්ගලයා මොහු වේ. ඔහු කිසිදා දේශපාලනයෙන් මුදල් හම්බ කල අයෙකු නොවේ. එම නිසා තවමත් ඔහුගේ මවත්, සහෝදරියත් ඉතා දුක් විදින ය වේ. ඔහුගේ අක්කා ස්වයං රැකියාවක නිරත වේ.

සමන්ත විද්‍යාරත්න මැතිතුමාට බැණ වැදුණු චාමර සම්පත් දසනායක යනු ඇල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහුද ඉතා දුප්පත් පවුලක පුද්ගලයෙක් වුවද, ඉතා අමනයෙකි. අධ්‍යාපනයක් කිසි දිනක ලබා නැත. ඔහු හොරෙකි. කුඩා කල පුවක් හොරකමේ ගොස් අසු වීම නිසා අදටද ඔහුට පවසන්නේ “පුවක් බඩිල්ලා” යන නමෙනි. ඔහු දැන් ඌව පළාත් සභාවේ පින් මහ ඇමති ලෙස කටයුතු කරයි. ඔහු ඉතා දුප්පත් පවුලකින් දේශපාලනයට පිවිසියද, අද ඔහුට බස් රථ, ඇල්ල ප්‍රදේශය තුල අධි සුපොගභෝගී හෝටල් ඇතුළු ව්‍යාපාර රැසක හිමිකාරිත්වය ඔහුට ඇත. ඔහු දේශපාලනෙන් හොඳට ගසා කෑ හොරෙකි. නමුත් සමන්ත විද්‍යාරත්න මැතිතුමා දේශපාලනය තුලින් හම්බ නොකර ගත් නිසාවෙන් අදටද ඔහුගේ මවට හා සහෝදරියට හරි හමන් රැකියාවක් නැත. ජිවන තත්වයක් නැත.

චාමර සම්පත් හරියට අධ්‍යාපනයක් නොලද අමනයෙකු නිසා ඔහු උගතුන්ට, බුද්ධිමතුන්ට ගරු කිරීමට දන්නේ නැත. එම නිසා ඔහු පසු ගිය දිනක ඌව පළාතේ ගුරුවරියක් දණ ගැස්වුවේ ඔහු ප්‍රාථමික අධ්‍යාපනයක් හෝ නොලද නිසාවෙනි. එම නිසා ඉදිරි ඡන්ද වලදී චාමර සම්පත් දසනායක වැනි මෝඩ, අමනයන් පත් නොකර, දේශපාලනයෙන් හම්බ නොකෙරු නමුත් උගත්, බුද්ධිමත්කමෙන් පිරිණු මිනිසුන්ව පළාත් පාලන ආයතන, පළාත් සභා, පාර්ලිමේන්තුව සඳහා තෝරා පත් කර ගමු.