Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

පළමු ලේ සෙලවීම සහිත එදා සිට අද දක්වා පාර්ලිමේන්තුවේ ගුටි කෙළි ඉතිහාසය

526

1. පිලිප් ගුණවර්ධන, සර් ජෝන් කොතලාවලට පාර්ලිමේන්තුවේ කොරිඩෝවේදී සිදු කළ පහර දීම ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු තවත් මන්ත්‍රීවරයකුට පහර දුන් පළමු අවස්ථාවයි.

2. 1956 ආණ්ඩුවේ මැද කොළඹ තුන්වන මන්ත්‍රී ඇම්.ඇස්.තේමිස්, සර් ජෝන් කොතලාවලට ‘හලෝ ජෝන්’ යැයි ඇමතීමෙන් පසුව ඔහුට පහර දීමට කොතලාවල මහතා ඔහු බිත්තියට හේත්තු කොට ඇත. මේ ගැන බණ්ඩාරනායක පවසා ඇත්තේ “මමත් ජෝන්ට කථා කරන්නේ සර් ජෝන් කියාලයි. හලෝ ජොන් කිව්වාම නොගහ ඉඳීද?” (කෙසේ නමුත් තමන්ට සර් ජෝන් පහර නොදුන් බව තේමිස් ඉතා මෑතකදී පුවත්පතකට ප්‍ර‍කාශ කොට තිබුණි.)

Loading...

3. බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වූ විවාදය පැවැත්වෙන අතර තුර, ඩඩ්ලි සේනානායක මෛත්‍රීපාල සේනානායකට පහර දීමට උත්සහ දැරීය. ඩඩ්ලි සේනානායක කථා කරමින් සිටින අතර මෛත්‍රීපාල සේනානායක අසා ඇත්තේ Who? (ඒ කවුද?) කියාය. නමුත් එය ඩඩ්ලිට ඇසී ඇත්තේ YOU (ඔබ) කියාය. සාමාන්‍යයෙන් ඉතා නිහඬ පුද්ගයෙකු වූ ඩඩ්ලි තමන්ට ඇසුණු දේ වැරදියට වටහා ගැනීමෙන් කෝප වූ නිසා මෙය සිදු වූ අතර ඉලංගරත්න ඇතුළු කිහිප දෙනෙක් සිද්ධිය වළක්වා ගෙන ඇත.

4. 1965-70 ආණ්ඩු සමයේ වලපනේ මන්ත්‍රී ටී.බී.එම්.හේරත් හා රඹුක්කන මන්ත්‍රී සමාජ සේවා අමාත්‍ය අශෝක කරුණාරත්න අතර කුල ප්‍ර‍ශ්නයක් සම්බන්ධයෙන් වචන හුවමාරුවක් සිදු විය. සභා ගර්භයෙන් පිටතට පැමිණෙන තෙක් රැක සිටි හැඩි දැඩි අශෝක කරුණාරත්න, ශරීර ප්‍ර‍මාණයෙන් කුඩා මිනිසෙකු වූ හේරත්ට සැඟවෙන තෙක් පන්න පන්නා පහර දුන්නේය.

5. 1974දී සෞඛ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. පී.ජී. ආරියදාසට කර්මාන්ත අමාත්‍ය එස්.කේ.කේ.සුරිආරච්චි පහර දුන්නේය. එකම ආණ්ඩුවේ අමත්‍යවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේ ගුටි ඇණගත් පළමු අවස්ථාව මෙයයි.

6. වාසුදේව නානායක්කාරට ගාමිණී ලොකුගේ අතුළු කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තුවේදී පහරදෙනු ලැබූවේ වාසුදේව සෙංකෝලය ඔසවාගෙන යාමට උත්සාහ දැරීමේදීය. 1992 දී එම ප්‍ර‍හාරයට සම්බන්ධ වූ කිහිප දෙනෙක්ම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරති.

7. මර්වින් සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් ජාතික හෙළ උරුමය කොළාන්නාවේ සුමංගල හිමියන්ගේ ලිංගික අවයව මිරිකා පහර දෙනු ලැබිණි. පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ බලවත්ම ප්‍ර‍චණ්ඩක්‍රියාව එය විය.

8. කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දීප් සමරසිංහට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍ර‍සන්න රණවීර විසින් 2016 මැයි 4 දින පහරදීම හා පාලිත තෙවරප්පෙරුම සම්බන්ධ වූ ගුටි බැට හුවමාරුව පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකු ගේ ලේ සෙලවීම සිදු කළ පළමු අවස්ථාවයි.

9.2018 ජනවාරි පළවෙනිදා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය අතරතුර ගාමිණී ලොකුගේ සහ එස්.එම්.මරික්කාර් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුව.