උදේ හවස කැළණි පාලමේ තදබදය අඩු කරන්න කොටුවට හදන ගුවන් පාලම මෙන්න – Video

525

උදේට කොළඹට වැඩට එන අයට කන්න වෙන කට්ට ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කඩවත, කිරිබත්ගොඩ, මාකොළ පැත්තේ ඉඳන් දවස ගානේ කොළඹ වැඩට එන යන අය අඩුමගානේ උදේට, හවසට පැයක්, දෙකක් පාරේ ගත කරනවා.

ඒ වගේම තමයි පාර්ලිමේන්තු පාරෙන් කොළඹට ඇතුල් වෙන අය. ඒ වාහන තදබදය අඩුකරන්න කියලා හදපු රාජගිරිය ගුවන් පාලම නිසා මිනිස්සුන්ට වුනු අකරතැබ්බය දැන් හැමෝම දන්නවා. වෙනදට පැයක් ගිය ගමනට දැන් පැය තුනක් වත් යනවා.

මේ හැම ඉදිකිරීමක් අතරතුර තවත් හැදෙන්න යන පලාමක් ගැනයි අද අපි කියන්න යන්නේ. ඒ තමයි කැළණි ගඟට උඩින් ඉදිකිරීම් පටන් ගත්ත අලුත්ම පාලම. මෙම පාලම ඉදිකිරීමෙන් රජය බලපොරොත්තු වෙන්නේ කැළණි පාලම අවට උදේට සහ හවසට තිබෙන දැඩි වාහන තදබදය අඩු කිරීමටයි.

එමෙන්ම එම ගුවන් මාර්ගයේ දිගුවක් ලෙස රාජගිරිය, එච්.එස්.බි.සී. ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය දක්වා තවත් ගුවන් මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.මාර්ග තදබදය, රටේ ආර්ථික සංවර්ධනයට විශාල ප්‍රශ්නයක් වී තිබෙන බැවින් ඊට විසඳුමක් ලෙස කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් අවශ්‍ය බවත්, සෑම තැනම මාර්ග ඉදිකරනවා වෙනුවට යම් සැලැස්මක් අනුව මාර්ග ඉදිකිරීම රජයේ අරමුණ බවත්, රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

වීඩියෝව සහ ජායාරූප පහතින් නරඹන්න

Our New special Project (New kelani bridge)

Posted by Sanpiling MediaUnit on Wednesday, December 6, 2017




Leave a Reply

Your email address will not be published. Required fields are marked *