වික්ටර් රත්නායකගේ බිරිඳ තංගල්ලේ පොලිස් අත්අඩංගුවට පත් වුනු හැටි මෙන්න – Photo

459

ජනප්‍රිය ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා මහත්මිය රන්භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් අද (09) තංගල්ල පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට පත් වුනා .

වසර 2012 සිට 2016 දක්වා රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටිය දී රුපියල් දශලක්ෂයක රන් ආභරණ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමණාකාරවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඇය මෙලෙස අත්අඩංගුවට පත්විය.

සැකකාරිය අද (09) තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් මහීල් විජේවීර මහතා අද(9) නියෝග කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *