Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

කොන්ඩේ කොටට කපලා නැතැයි කියා මිහින්තලේ ගුරුවරියක් කරපු හරියක්

672

පාසලට ගැලපෙන අන්දමින් කොන්ඩය කොටට කපා සිටියදීත් කොන්ඩය වැඩියැයි කියමින් මිහින්තලය නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක සේවයේ නියුතු ගුරුවරියක් පහරදුන් බව කියමින් පහර කෑමට ලක්වූ සිසුවා පියා සමගින් මිහින්තලය පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

මිහින්තලය පොලිස් වසමේ කන්නට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 14 හැවරදි සිසුවා පසුගිය හතර වනදා ගුරුවරියගේ පහර කෑමට ලක්ව ඇති අතර පහර දීමෙන් සිසුවාගේ අතකට තැළුම් තුවාල සිදුවී තිබේ.

Loading...

ඒ හේතුවෙන් සිසුවා සිංහල වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබේන අතර ගුරුවරියගේ පහරදීමෙන් සිත් කලකිරීමට හා ලැජ්ජාවට පත්වූ සිසුවා පාසල්යාම ප්‍රතික්ෂේප කරන බව දෙමාපියන් පැවසුහ.

පහරකෑමට ලක්වූ බාලවයස්කාර සිසුවාගේ මාපිය යුවල රජයේ පාසල්වල ජේෂ්ඨ ඉංග්‍රීසී ගුරුවරින් ලෙස සේවයේ නිරත වන අතර සිද්ධියවූ දිනයේ පාසලේ උදෑසන රැස්වීම පැවත්වී තිබේ

.රැස්වීම සදහා පාසල් සිසු සිසුවියන් අටසියයක් පමණ සහභාගීවී සිටියදී කොන්ඩය කොටට කපා නැතැයි කියමින් ගුරුවරිය සිසුවාගේ කණට වැරෙන් පහරදී තිබේ.

සිසුවා ගුරුවරියගේ ප්‍රහාරයෙන් බේරීමට අත ඇල්ලු අවස්ථාවේ අතට තැළුම් සිදුවන අයුරුන් පහර වැදී තිබේ.