Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

දරුවන් 6 ක් ලොවට බිහි කර අසරණ වූ 94 හැවිරිදි මව – සිටි කාමරයේ ඇඳමත හා ඇගේ ශරීරය පුරා පණුවන්

945

කාමරයක් තුළ ආහාරපාන පවා නිසි ලෙස නොදී සිරකර සිටි බව කියන අනූහය හැවිරිදි සය දරු මවක මහනුවර පොලීසියේ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් අද සොයා ගත් බව පොලිසිය කියයි.

කටුගස්තොට යටියාවල අන්තෝනි වත්තේ නිවසක සිරකර සිටි මෙම මහලු මවගේ එක් දියණියක  ඇයට මෙලෙස අමානුෂික ලෙස සලකමින් නිවසේ සිරකර තබාගෙන සිට ඇති බව පොලිසිය පවසයි.

Loading...

මළ මූත්‍රා පහ කිරීමෙන් පසු මාස ගණනාවක් ඒවා පවිත්‍ර නොකිරීම හේතුවෙන් මහලු මව සිටි කාමරයේ ඇඳමත හා ඇගේ ශරීරය පුරා පණුවන් සිට ඇති බවත්, නිවසේ වසා දමා තිබූ අඳුරු කාමරයක සිටි මව පොලිස් නිලධාරීන් දුටුවිට අතින් සංඥා කරමින් ආහාර    ඉල්ලූ බවත්  පොලිසිය කියයි.

පිරිමි දරුවන් තිදෙනකු හා ගැහැණු දරුවන් තිදෙනකු   මෙම මවට සිටින අතර එක් ගැහැණු දරුවෙකු ඇගේ නිවසේ මව රඳවා තබා ගනිමින් සෙසු සහෝදරයින්ට ඇයට සැලකීමට හෝ අවස්ථාව නොදී ඇති බව පොලිස් පරීක්ෂණ මගින් තහවුරු කරගෙන ඇත. මෙම කාන්තාව ඇගේ මවට යම් ආහාරයක් ලබා දීමට ප්‍රදේශවාසීන්ට පවා ඉඩ ලබාදී නොමැති බව පොලීසිය පවසයි.

තම සහෝදරියක විසින් සෙසු සහෝදර සහෝදරියන්ටද සැලකීමට අවස්ථාවක් නොදී මව සිරකර තබාගෙන සිටින බවට මවගේ පුතෙකු මධ්‍යම පළාත් නියෝජ්‍යය පොලිස්පති මහින්ද ඒකනායක මහතාට කළ පැමිණිල්ලකින් පසු ඒ මහතා මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කළ දැනුම් දීමකින්  පසු පොලීසිය අද (09) අදාළ නිවස සෝදිසි කිරීමකට ලක්කර තිබේ.

පොලිසිය ඇය රෝහල් ගත කර තිබේ.වීඩියෝව පහතින් නරඹන්න

දර්ශන අනුග්‍රහය – හිරු පුවත්