31 දා රෑ බීලා බයික් පැද්ද හිටපු හමුදා සෙබලාට මහනුවර උසාවියෙන් දුන්න තරු විසිවෙන දඩේ

807

දෙසැම්බර් තිස්එක්වැනි දින රාත‍්‍රී කන්දහන්දියේදී අධික ලෙස බීමත්ව පැමිණි යතුරුපැදිකරුවකු පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට බැණවැදුණු හමුදා සෙබළකුට රුපියල් හතළිස් තුන්දහස් පන්සියයක දඩමුදලක් හා මාස අටක් කාලයක් සඳහා රියැදුරු බලපත‍්‍රය අත්හිටුවීමට මහනුවර මහෙස්ත‍්‍රාත් අධිකරණය පසුගිය ජනවාරි හතරවැනිදා තීන්දු කළේය.

මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාදුන් දඩුවම්වලට අමතරව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක්ද නියම කරන ලදී.දෙසැම්බර් තිස්එක්වෙනි දින රාත‍්‍රී කන්ද හන්දිය ප‍්‍රදේශයේ වාහන සෝදිසියේ යෙදී සිටි පොලිස් නිලධාරින් මෙම යතුරු පැදිය නැවැත්වීමට සංඥා කිරීමේදී එය නොතකා ධාවනය කොට ඇත.

පසුව පොලිස් නිලධාරින් යතුරු පැදිය හඹාගොස් නවත්වා ඇති අතර එහිදී යතුරුපැදිකරු පොලිස් නිලධාරින්ට බැණ වැදී පහර දීමටද සූදානම් වී තිබේ.

එම වේලාවේ යතුරුපැදිකරු අධික ලෙස බීමත්ව සිට ඇති අතර ඔහු කලක් යුද හමුදාවේ සේවය කළ සෙබළකු බවද අනාවරණය වී තිබේ.

තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක‍්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතාගේ අධීක්ෂණය මත පොලිස් කොස්තාපල් සෙනෙවිරත්න හා බණ්ඩාර යන නිලධාරින් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදුකරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *