ගොසිප්

වැඩිහිටියන්ගේ කෝන්තරයකට දරුවා පැහැරගන්න හදලා – ප්‍රදේශ වාසීන් එකතුවේ කරපු හරිය මෙන්න

කුරුණෑගල නගරයේ පිහිටි පෙරපාසල් භූමියක් තුළදී වයස අවුරුදු තුන හමාරක (31/2) ළදැරියක් කිසියම් පුද්ගලයකු විසින් ඉකුත් 04 වැනිදා දහවල් පැහැරගෙන පලායෑමට උත්සහ දැරූ අවස්ථාවේදී එම පුද්ගලයා පැහැරගත් දරුවාද සමඟම පය පැටලී බිම පතිත වීමත් සමඟ ඒ අවට සිටි පිරිස් විසින් ඔහු අල්ලාගන්නා අයුරු දැක්වෙන දර්ශන පෙළක් අදාළ දරුවාගේ පියා විසින් ඊයේ (07දා) සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.

එහි ඔහු සඳහන් කරන්නේ පෙර පාසල් වයසේ පසුවන තම දියණිය මෙසේ පැහැර ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයා ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට තමන් විසින් හඳුනාගත් බවත්,ඒ පිළිබඳ කුරුණෑගල පොලිසියට සාක්‍ෂි සහිතව තමන් විසින් සිදුකළ පැමිණිල්ලට අනුව අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක් ක්‍රියාත්මක නොවීම පිළිබඳ තමන් විමතියට පත්වී සිටින බවත්ය.

සැකකරු විසින් දරුවා පැහැරගෙන කලබලයෙන් දිවයන අවස්ථාවේදී ඔහුගේ පාදය පැටලී දරුවාද සමඟ බිම පතිත වී ඇති අතර දරුවා බේරා ගැනීමට ඒ පසුපස හඹාගිය දැරියගේ මිත්තණියද බිම ඇද වැටී තිබේ. ඒ අවසරයෙන් අවට සිටි පිරිස් පැමිණ දරුවා සැකකරුගෙන් මුදාගෙන ඇත.

දරුවාගේ පියා විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති මේ සිදුවීමේ දර්ශනවල ඒ මොහොතේ පිටත සිට දිව එන කාන්තාවක්ද දරුවා පිරිසෙන් උදුරා ගැනීමට උත්සාහ දරන අයුරුද දක්නට ලැබේ. බිම ඇද වැටීම නිසා දරුවා සහ මිත්තණියද තුවාල ලබා ඇති අතර දරුවා කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී තිබේ. දරුවාගේ එක අතක් මේ හේතුව නිසා බිඳීමකට ලක්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සිද්ධියට මුහුණදී ඇත්තේ කුරුණෑගල විල්ගොඩවත්ත ප්‍රදේශයේ ඉන්හාරා විල්වලආරච්චි (අවු 31/2) නමැති පෙර පාසල්
ළදැරියකි. ඇය ඉකුත් 04 වැනිදා පෙර පාසල නිමවී සිය මිත්තණිය සමඟ නිවෙසට පැමිණීමට සූදානම් වන අවස්ථාවේදී මේ සිදුවීමට මුහුණපා තිබේ.

දරුවා පැහැරගෙන යෑමට උත්සාහ දැරීමේ සිදුවීමේ ඛ්ඛ්ඊඍ දර්ශනද සහිතව තමන් විසින් කුරුණෑගල පොලිසියට එදිනම පැමිණිල්ලක් ඉදිරිපත් කළද මේ වනතුරු අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකිරීම පිළිබඳ තමන් විමතියට පත්ව සිටින බව සිද්ධියට මුහුණ දුන් දැරියගේ පියා වන කුරුණෑගල විල්ගොඩ වත්තේ පදිංචි රංග විල්වලආරච්චි මහතා පවසයි.

“මේ සිදුවීම පවුල් ආරවුලක් මත සිදුවූ දෙයක්. දරුවාගේ මව පදිංචි ඇහැළියගොඩ ප්‍රදේශයේ. දරුවාගේ පියා ඔවුන්ට දරුවා ලබාදීම ප්‍රතික්‍ෂේප කොට තිබෙනවා. ඒ නිසා මෙවැනි සිදුවීමක් වන්නට ඇති බවට අපි සැකකරනවා. කෙසේ වෙතත් පැහැර ගැනීමකට අදාළ සිද්ධියක් වී ඇති බවට පෙනීයන නිසා අපි අදාළ පුද්ගලයන්ට පොලිසියට ඉදිරිපත් වන ලෙස දැනුම්දී තිබෙනවා. නමුත් ඔවුන් තවමත් එසේ භාර වී නැහැ. ඔවුන් තවදුරටත් එසේ පොලිසිය මඟ හරින්නේ නම් ඔවුන් පදිංචි ප්‍රදේශයට අදාළ පොලිසියට ඒ
පිළිබඳ දැනුම්දී ඒ මඟින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා” යැයි කුරුණෑගල පොලිසිය සඳහන් කරයි.වීඩියෝව පහතින් නරඹන්න.

සිඟිති දැරිය පැහැර ගෙන දුවන හැටි

පෙර පාසලේදීම සිඟිති දැරිය පැහැර ගෙන දුවන හැටි මෙන්න

Posted by Patta Sira – පට්ට සිරා on Monday, January 8, 2018