ගොසිප්

අගමැති බෑනගේ නැටුම ගැන අයිරාංගනී නැන්දා කියන කතාව මෙන්න

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රවීන රංගන ශිල්පිණී අයිරාංගනී සේරසිංහ නර්තනයක යෙදෙන වීඩියෝවක් ඊයේ (06) ඔබ නරඹනු ලැබුවා.එම වීඩියෝව සම්බන්ධයෙන් මේ වනවිට විවිද අදහස් පළවෙමින් තිබෙනවා.

Loading...

අගමැතිවරයාගේ නැන්දා ප්‍රවීන රංගන ශිල්පිණී අයිරාංගනී සේරසිංහ බවත් ඒ සම්බන්ධයෙන් දැන ගත්තේ මේ සමග බවත් එම අදහස් අතර දැක්වෙනවා.

මේ පිළිබඳව සිය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පක්ෂ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් ද විවිද අදහස් දක්වා තිබෙනවා.

ප්‍රවීන රංගන ශිල්පිණී අයිරාංගනී සේරසිංහ අගමැතිවරයා සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ “බලයට හෝ දේපළවලට ඔහු කෑදරකමක් නෑ. ඔහුට කාලයක් මිනිස්සු බනිනවා. පොත් කියවන්න සිංදු අහන්න කියලා දේශපාලනය අත්හැරදාන ලෙස මම කිව්වා. ඔහුගේ උත්තරයමම අභියෝගවලට කැමැතියි කියන එක.” යනුවෙනුයි.

“රනිල් දේශපාලනයට යනවා කිව්වම ඕ..මයි..ගෝඩ් කියවුනා කථාවක් කරගන්නේ කොහොමද කියලා. අගමැති වුනාම පුදුමවුනා”- අයිරාංගනි සේරසිංහ
“නාලනීගේ පුතා වන රනිල් වික්‍රමසිංහ නෑකමින් ඔබේ බෑනා. අගමැතිට ඔබ නැන්දා.
ඕ…මයි ගෝඩ් කියලා කියවුණා. දේශපාලනය කියන්නේ දඩබ්බර අයට හොඳ දෙයක්. රනිල් වගේ නිවුන අයෙක්ට ඒක සුදුසු නෑ කියලා හිතුණේ.
දේශපාලනයට ගිහින් කතාවක් කරගන්නේ කොහොමද කියලයි මට හිතුණේ. ඔහු අගමැති වූ විට මම පුදුම වුණා. රනිල්ට හොඳ මොළයක් තිබෙනවා. ඒ වගේම තමයි බලයටවත් දේපළවලටවත් ඔහුට කිසිම කෑදරකමක් නෑ.
කාලයක් ඔහුට මිනිස්සු බනිනවා. ඔයා ‍පොත් කියවන්න, සිංදු අහන්න දේශපාලනය අත්හැරදාන්න කියලා මම රනිල්ට කිව්වා. ඔහුගේ උත්තරය වුණේ මම අභියෝගවලට කැමැතියි කියන එකයි. ඔහුත් එක්ක මම දේශපාලනය කරන්න කැමැති නෑ.
-අයිරාංගණී සේරසිංහ-”

Loading...

වීඩියෝව පහතින් නරඹන්න

Related Posts