2018 පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පකෂ තරග භූමිකාව අද (06) බදුල්ල නගරයේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිනි.මීට පෙර රාජපක්ෂ රජය පරාජයට පත් කරමින් ඌව වෙල්ලස්සේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත්තේද අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසිනි.
එදා රාජ්‍ය බලය සකලවිධ ආකාරයෙන් අවභාවිතා වෙද්දි එදා එක්සත් ජාතික පාක්ෂිකයන් හට ඉමහත් ශක්තියක් වෙමින්, උත්තේජයක් සපයමින් දුර්දාන්ත පාලනයක් නිමා කරන මුල් අඬහැරය වූයේ එම මැතිවරණයයි.
ඒ අනුව යමින් මෙවරද, එක්සත් ජාතික පකෂයේ ඌව වෙල්ලස්ස සටන ඇරඹෙන්නේ ජයග්‍රහණය තහවුරු කරමිනි.මේ අනුව ඌව වෙල්ලස්සේ එක්සත් ජාතික පකෂය විජයග්‍රහණය තහවුරු කරන්නට පොහොට්ටුවේ අපේකෂකයන් 3ක් හා ජනතා විමුක්ති පෙරමුණේ අපේකෂකයෙක් එක්සත් ජාතික පකෂයට එක් විය.
ඌව වෙල්ලස්ස පමණක් නොව,ලංකාවේ දස අතින් මෙලෙස පොහොට්ටුවේත්, ජනතා විමුක්ති පෙරමුණේත් අපේකෂකයන් එක්සත් ජාතික පකෂයට එක් වනු ඇතැයි හරින් ප්‍රනාන්දු මහතා අපේකෂා කරයි.මෙය එක්සත් ජාතික පක්ෂයට ඉතාම වැදගත් අවස්ථාවකි.
වසර ගණනාවකට පසුව පළාත් පාලන ඒකකයන් සඳහා වඩාත් ශක්තිමත් ආකාරයකින් හා රොදබැඳගන්නා සුවිශේෂ ආකර්ෂණීය බවකින් ඡන්ද දායකයෝ එක්සත් ජාතික පක්ෂය වටා එක්රොක් වෙමින් සිටිති.